WHAT'S NEW?
Loading...
Showing posts with label Adminගෙන් පණිවිඩයයක්. Show all posts
Showing posts with label Adminගෙන් පණිවිඩයයක්. Show all posts
highfoft web

හායි යලුවනේ මන් අද අවේ ටිකක් වෙනස්ම පොස්ට් එකක් අරගෙන මේක ඉතින් අයි ටී සම්බන්ද දෙයක් නම් නෙමෙයි...මේක මාත් දැක්කේ ෆේස්බුක් එකෙන් මගේ යලුවේක් තමයී දලා තිබුනේ.(ජනිත් මාධව )ඇත්ත්ටම හොද ඉවෙන්ට් එකක් විදිහට මේක අපිට කරන්න පුලුවන්. හරි හරි කතා ඔනි නෑ.වැඩේ මොකක්ද කියලා බලමුකෝ.
ඇත්තටම මේක අමාරැ වැඩක් නෙවෙයි. ජාත්‍යන්තරය හමුවේ අපේ පුංචි මවුබිම ඉහලට ඔසවා තැබිය හැකි අවස්ථාවක්. 
තව දින 02 කින් පසු එනම් ( 2017 : 02 : 04 ) අපේ මවුබිම සුද්දාගේ පාලනයෙන් මිදී වසර 69ක් වන ජාතික නිදහස් දිනය සමරනවා. මේ නව වාර්තාවට සම්බන්ද වීමට කැමති අය මේ වැඩේ කරන්න ඕනේ එදාට. එදා උදේ 08:00 ත් 10 :00 ත් අතර පැය දෙක අතරතුර තමන්ගේ cover photo එකට මේ දැක්වෙන අපේ ජාතික ධජය දැමීමයි කල යුත්තේ. 
ෆේස්බුක් ආයතනය මගින් සිදුවන සියලුම වෙනස් කම් නිරීක්ෂණය කරනවා. අපගේ උත්සහය සාර්ථක වුවහොත් ඔවුන්ම ලෝකයටම කියාවි එකම දිනක අඩුම කාලයක් තුල වැඩිම පිරිසක් තම කවර් ෆොටෝ එක ලෙස ශ්‍රී ලාංකික ජාතික ධජය ඇතුල් කර ඇති බව.
තමන්ගේ ගේ ඉදිරිපිට. වාහනයේ ජාතික ධජය අනිවාර්යයෙන් ඔසවන අපට මෙය ඉතා සුලු දෙයක්. ලෝකය ඉදිරියේ අපගේ සිංහකොඩියට හොද පිළිගැනීමක් ලබාගැනීමට මහගු අවස්ථාවක් මෙය. සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් භේදයකින් තොරව සියලුම ශ්‍රී ලාංකික දූ පුතුන් මේ සදහා දායක වන්න. විශේෂයෙන් විදෙස් ගත සේවයේ යෙදෙන සියලුම ශ්‍රී ලාංකික සැම මේ සදහා දායක වන්න......
එක්වෙමු ශ්‍රී ලාංකික නාමය ලොවපුරා ගෙන යාමට. ........
තවත් අයෙකු සම්බන්ධ කර ගැනීමට හැකිවෙන ලෙස මෙය share කරන්න. හැකි විලසට මෙය බෙදාහරින්න. ....


උපුටා ගැනිම හා ස්තූතිය. -ජනිත් මාධව
අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
http://softwarezpro.com/wp-content/uploads/2015/10/Stellio-Music-Player-v4.10-Stellio-Unlocker-APK-Full-Download2.jpg 

ඉතින් කොහොමද යාලුවනේ ගොඩ කාලෙකින් නේද. IT දැනුම බෙදාගමු™ කියන්නෙ මොකක්ද කියලත් කට්ටියට අමතක ඇති. කමක් නෑ ආයෙත් අද ඉදන් අපි ඔයාල අතරට එනව. කවදත් අපි වැඩිය කතා නෑ වැඩ විතරනෙ. අදත් ඔන්න එහෙමයි.

අද අපි හා හා පුරා කියල අරන් ආවෙ ඇන්ඩ්‍රොයිඩ් සඳහා සුපිරි ගනයේ Music Player එකක්. මේකෙ නම Stellio Music Player. අංග සම්පූර්ණ Music Player එකක් කිව්වොත් නිවැරදියි.

Screenshots


Powerful audio engine
- Crossfade - Smooth transition from one track to another
- Gapless Playback - lets the tracks flow seamlessly, without a gap
- High-Resolution Audio playback
- 12 bands equalizer and 13 audio effects: VolumeAmp, Speed, Tone, Balance, Echo, Reverb, AutoWah, Flanger, AGC, Z-Bass, Z-Mids, Z-Treblr, Compression
- Support playlist file: .cue .pls .m3u
- Supports a large number of rare audio formats: WavPack(.wv .wvc), Monkey(.ape), MusePack (.mpc .mpp .mp+), Lossless (.mp4 .m4a .m4b), AAC (.aac .mp4 .m4a .m4b ), FLAC (.flac), Speex (.spx .wav .oga .ogg)

VKontakte integration (Plugin)
- Available for listening to: My music, Friends,Friends, Groups, Popular, Search, Playlists, Saved
- Simple to share music with your friends
- Easy authorization without username and password (Only if official vk client is installed)
- Listen to cached tracks without internet
- Save the order of tracks in the cached list
- Listen to popular tracks by genres

Full support Android Wear
Control music from a watch, choose a track without taking your phone from the pocket.
Following possibilities are included:
- The audio player can browse it by artist, folders, or albums
- It can even color the surrounding elements by cover
- Like on a phone, the player changes it color by track cover art

Dropbox integration (Plugin)
- Available for listening to: Folders, Playlists and Saved
- Easy authorization without username and password (Only if official dropbox client is installed)
- Listen to cached tracks without internet

A lot of a features
- Play audio by Folders, Artists, Albums or Genres
- The player changes appearance by track's cover art
- Beautiful lock screen
- 5 configurable Homescreen widgets
- Customizable appearance of the notification
- Sleep timer with smooth fading of audio
- Shake or long click on volume button for next track
- View lyrics
- Tags editing
- Automatically download missing covers or by the user choice
- Scrobbling Last.fm

Requared Android: 4.0.x and above


තවත් Themes Download කරගන්න මෙතනින් >>

 තවත් Plugins Download කරගන්න මෙතනින් >>

Stellio Music Player

Stellio v 4.7.apk Size: 8.78 MB
http://crowmountainbaptist.org/wp-content/uploads/2015/08/google-play-icon.png
අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
 

මුලින්ම කියන්න ඕනෙ යාලුවනේ සමාවෙන්න. මාස කීපයක්ම ඔයාලට අලුත් පෝස්ට් එකක් ගේන්න  අපිට බැරිවුණා. මොකද මේ බ්ලොග් අඩවියේ ඇඩ්මින් වන මන් ගොඩක් කාර්යබහුල වුනා මේ කාලයේ. ඉතින් අපිට ගොඩක් ලොකු සෙට් එකක් හිටියත් මන් නැතුව එයාල බ්ලොග් එකක් කරන් ගියෙ නෑ. ඒ ගැන ගොඩක් කණගාටු වෙනව මන්. කමක් නෑ. අද ඉදින් මන් ඉඩ ලැබෙන හැම වෙලේම IT දැනුම බෙදාගමු™ බ්ලොග් එක ඇදගෙන යනව. මොකද තාක්ෂණික පැත්තෙ බ්ලොග් ගොඩක් දැන් අභාවයට ගිහින්.

ඉතින් යාලුවනේ අයෙත් අපිත් එක්ක රැදී ඉන්න කියල තමා ඔයාලට මට කියන්න තියෙන්නෙ. ඉස්සර වගේම අයෙත් IT දැනුම බෙදාගමු™ ඔයාලට අලුත් අලුත් දේවල් අරන් එනව අද ඉදන්.

අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

මෙන්න ඔබට IT දැනුම බෙදාගමු™ වෙතින් තවත් මහගු අවස්තාවක්. කවදත් අලුත් වැඩ වැඩ කරන අපි අද ඉදන් තවත් අලුත් වැඩක් පටන් ගන්න මේ වනවිට කටයුතු සූදානම් කරල තියනව.

මේකනම් පොඩි තරගයක්. හෝව් හෝව් බයවෙලා දුවන්න එපා. අමාරු නෑ. ඔයාල මේ Page එකට ආවෙ නොමිලේ Reload කියල තිබුන නිසානෙ. අපි බොරු කරන් නෑ. ඒ නිසා බයවෙන්න එපා. අපි Reload දෙනව හැබැයි නිකන් නෙවෙයි. හයියෝ නිකන් නෙවෙයිලු සල්ලි වලටත් නෙවෙයිලු. මේ මොන ............... ද? නේ...

හරි අපි බලමු දැන් මේ අලුත් වැඩේ මොකක්ද කියල. තේරෙන විදිහට අපි කතා කරමුකො.

අපි කොහොමද නොමිලේ Reload දිනාගන්නෙ ?
නොමිලේ Reload දිනාගන්න ඔයාල තරග කරන්න ඕනෙ.

මොකක්ද තරගය?
තරගය වෙන්නෙ මෙහෙමයි. ඔයාල අපේ බ්ලොග් එකට පෝස්ට් එකක් ඉදිරිපත් කරන්න ඕනෙ. සතියේ වැඩිම දෙනා කියවූ පෝස්ට් එකට අපි නොමිලේ රුපියල් 50ක Reload දෙනව.

කවුද මේව තෝරන්නෙ?
අපි අසාදාරන වැඩ කරන සෙට් එකක් නෙවෙයි ඒ නිසා අපේ බ්ලොග් අඩවියේ සතියේ ජනප්‍රියම පෝස්ට් එක බලා ගන්න පුලුවන් ඔයාලට ඕනෙ වෙලාවක. පෝස්ට් වල Preview අනුව වැඩිම දෙනා කියවන පෝස්ට් එක list එකේ Automatically උඩට එයි.

කාටද ඉදිරිපත් වෙන්න පුලුවන්?
හොද පෝස්ට් එකක් ලියන්න පුලුවන් ඕනෙ කෙනෙකුට ඉදිරිපත් වෙන්න පුලුවන්. හැබැයි IT දැනුම බෙදාගමු™ Crew එකේ අයට මේකට සම්බන්ධ වෙන්න බෑ. (Crew එක මෙතනින් බලන්න පුලුවන්)

එතකොට සතියේ හොදම පෝස්ට් එක IT දැනුම බෙදාගමු™ Crew එකේ කෙනෙක්ගෙ එකක් උනොත්?
එතකොට එම Reload මුදලත් ඊලඟ සතියේ Reload ජයමල්ලට එකතු වෙනව. හරියට ලොතරැයි වල වගේ. අපි හිතමුකො සති ගානක් හොදම පෝස්ට් එක අපේ කෙනෙක්ගෙ එකෙක් වෙලා රු.1000ක් එකතු වෙලා තිබිල ඊලග සතියෙ ඔයාගෙ පෝස්ට් එක හොදම එක වුනා කියල කිසි ගැටලුවක් නෑ. අපි සම්පූර්ණ මුදලම ඔයාලට Reload කරනව.

මොන වගේ ලිපිද ඉදිරිපත් කරන්න පුලුවන්?
IT දැනුම බෙදාගමු™ කියන්නෙ තාක්ෂණික බ්ලොග් අඩවියක් නිසා ඒ හා සම්බන්ධයෙන් ඕනෑම දෙයක් ඉදිරිපත් කරන්න පුලුවන්. අපේ ලිපි කියවල අවබෝධයක් ගන්න පුලුවන්. සිංහල ලිපි වෙන්නත් ඕනෙ (සිංහල Unicade)

නීති රීති නැද්ද?
වැඩිය නෑ ඒත් තියනව. කාගෙවත් ලිපියක් copy කරන් මේ තරගෙට ඉදිරිපත් කරන්න බෑ. ඒක තමා වැදගත්ම නීතිය. අසබ්‍ය දේවල් කාටවත් අපහස වන දේවල් පෝස්ට් වල ලියන්නත් බෑ.

දැනට බ්ලොග් ලියන අයට ඉදිරිපත් වෙන්න බැයිද?
අනිවාර්යයෙන් පුලුවන්. ඔයාලගෙ ලිපියක් මේ තරගෙට ඉදිරිපත් කරන්න පුලුවන්.

දැන් කොහොමද අපි මේකට සම්බන්ධ වෙන්නෙ.
හරිම ලේසියි. ඔයාල හැමෝම Email භාවිතා කරනවනේ. ඔයාලගෙ පෝස්ට් එක Email එකකින් තමා එවන්න ඕනෙ. Email එකේ Subject එකට ලිපියේ මාතෘකාව අනිවාර්යයෙන් යෙදිය යුතුයි. ඒ වගේම සාමාන්‍ය ප්‍රමාණයේ Image එකක් පලමුව ඉහලින් යෙදිය යුතුයි. මොකද බ්ලොග් අඩවියේ home එකේදි Thumbnail Image භාවිතා වෙනව දැකල ඇතිනෙ. ගොඩක් ලොකු image යොදාගන්නත් එපා. අනිවාර්යයෙන් පෝස්ට් එක අවසානයේ ඔයාලගෙ නම හා කුඩා විස්තරයක් යොදන්නත් අමතක කරන්න එපා. පෝස්ට් එකක් එවල පැය කීපයක් ඇ ලත අපි එය Publish කරන්න සූදානමින් ඉන්නව.

කොයි අපි පෝස්ට් එවන්න ඕනෙ Email ලිපිනය?
මේකට තමා ඔයාල ලිපි එවන්න ඕනෙ >> itdanumabedagamu.offer@blogger.com
copy කරල ගන්න නැත්තම් වැරදෙයි.

ඉතින් අපි කොහොමද අපේ පෝස්ට් එක කියවන්න කස්ටිය ගෙන්න ගන්නෙ?
ඔයාල පුලුවන් ඕනෙ විදිහකට ඔයාලගෙ පෝස්ට් ප්‍රචාරණය කරන්න පුලුවන්. (Facebook, Google+, Tweeter, etc) හොද ලිපියක්නම් අනිවාර්යයෙන් කියවන අය ඉන්නව ඕනෙ තරම්.

ඉතින් මේ කහනවටද නොමිලේ Reload දෙන්න?
ඇත්තටම ඕහොමත් අහන අය ඉන්නවනෙ. අහන්න කලින් උත්තරයක් දෙන්නම්. සිංහල බ්ලොග් කලාව දියුනු කිරීම අපේ යුතුකමක්. අද අපේ අඩවියට පෝස්ට් එකක් ලියන කෙනෙක් හෙට තමන්ගෙම කියල බ්ලොග් අඩවියක ලිපි ලියයි. ඒක අනිවාර්යයෙන් වෙනව. IT දැනුම බෙදාගමු™ අපි ඒ අයට ඕනෙ උදව්වක් කරනව. ඒකයි සිංහල බ්ලොග් පාඩම් මාලාවකුත් අපි කරගෙන යන්නෙ. ඒත් එක්කම IT දැනුම බෙදාගමු™ වලටත් මේක හොද අවස්ථාවක් වෙයි. ඒකයි අපි මේ වෙනුවෙන් පොඩි තෑග්ගක් දෙන්නෙ. තෑගි වලට නැතත් මේක ඔයාලට හොද තරගයක් වෙයි කියල හිතනව.



Lakshan Fernando සොහොයුරා. අපේ මේ අඩවියටත් Domain දායකත්වය ලබා දුන්නෙ මොහු.






IT දැනුම බෙදාගමු™ හි මේ මාසයේ හොදම ප්‍රේක්ෂකයා මේ වන විට තෝරා අවසන්. ඔහු තමා Mr.Navidu Jayasinghe. හොර බොරු නැතුව ඔහු ඉල්ලූ .com Domain එක මේ වන විට අපි මේ වන විට මිලදී ගෙනත් හමාරයි. 

මොහු ලබාගත් ඒ ජයග්‍රහණයට අපගේ උණුසුම් සුබපැතුම්!


Lakshan Fernando සොහොයුරා. 

ඉතින් යාලුවනේ අද මෙම Offer එක හමාර වෙනව තමා. ඒ වගේම හෙට සිට සුපිරිම Offer එකක් ඔයාලට අපෙන් තියෙනව. කවදත් අළුත් වැඩ කරන


අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
 http://images.rodale.com/acc/danceparty/site/free_gift_07_heres.gif

කවදත් අළුත් වැඩ කරන

Lakshan Fernando සොහොයුරා. අපේ මේ අඩවියටත් Domain දායකත්වය ලබා දුන්නෙ මොහු.



අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
 

අද මන් අරන් ආවෙ Huawei Smart Phone use කරන අයට Original PC Suit එක. ලංකාවෙ වෙළදපලේ දෙවන ස්ථානයට විකිණෙන Smart Phone එක තමා Huawe. ඉතින් ඒ අයට එයාලගෙ  Original PC Suit එක. තමා HiSuite කියයන්නෙ. මේකෙන් Emotion UI එක පවා Update කරගන්න පුළුවන්.

HiSuite System Requirements

  • Windows 7 32 bit or 64bit.
  • Windows Vista 32 or 64 bit.
  • Windows XP 32 or 64 bit.
  • 500M of available disk space
  • 1GB of RAM
  • Screen resolution of 1024x768, 16 colors

අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
 

එකතුව බ්ලොග් සම්මාන සැනකෙලියට බ්ලොග් අඩවි ලියාපදිංචිය දැන් ඇරඹුනා..එන්න දැන්ම ඔබගේ බ්ලොගයත් තරගය සදහා ඉදිරිපත් කරන්න.


තරගය සදහා ඉදිරිපත් විය හැකි බ්ලොග් වර්ග..

* ගොසිප්
* නිර්මාණශීලි බ්ලොග්
* පර්යේක්ෂණාත්ම විවරණශීලි බ්ලොග්
* රැඩිකල් බ්ලොග්
* තාක්ෂණික බ්ලොග්
* අධ්‍යාපනික බ්ලොග්
* ආත්ම කථනය,පුද්ගලික බ්ලොග්
* සාහිත්‍යමය බ්ලොග්
* කාන්තා බ්ලොග්
* ඡායාරූපකරණය

තෑගි පිලිබද

සෑම තරග අංශයකින්ම ,

ප්‍රථම ස්ථානයට - සහතික පත්‍රය + Unlimited Web Hosting
දෙවන ස්ථානයට - සහතික පත්‍රය + 10 GB Web Hosting
තෙවන ස්ථානයට - සහතික පත්‍රය + 1 GB Web Hosting

ත්‍යාග වශයෙන් හිමිවන අතර..ජනප්‍රියම බ්ලොග් අඩවියට ,

සමරු තිලිණයක් + සහතිකපතක් + Unlimited Web Hosting සහ .com ඩොමේන් නාමයක් හිමිවනු ඇත..

තරගය සදහා නීති රීති..

  1. බ්ලොග් අඩවිය Blogger හෝ Wordpress බ්ලොග් අඩවියක් විය යුතුය.
  2. බ්ලොග් අඩවිය සිංහල භාෂාවෙන් ලියන බ්ලොග් අඩවියක් විය යුතුයි.
  3. එක් තරගකරුවෙකුට ඉදිරිපත් කලහැක්කේ එක් බ්ලොග් අඩවියක් එක් අංශයකින් පමණි.
  4. තරගයට ඇතුලත් වීමට හා තරගාවලිය පැවැත්වෙන කාලය තුළ ඔබගේ බ්ලොගයේ අන්‍යයතාවය තහවුරු කරගැනිම පිණිස අප විසින් ලබාදෙන විජෙට්ටුව ඔබගේ බ්ලොග් අඩවිය ඇතුලත් කල යුතුය.
  5. ජයග්‍රාහකයන් තෝරනු ලබන්නේ විශේෂ විනිසුරු මඩුල්ලක් විසිනි එයට අපගේ සම්බන්ධයක් නැත.තරගයේ අවසාන තීරණය ඔවුන් සතුය.
  6. බ්ලොග් අඩවිය අප විසින් දක්වා ඇති කැටගරි වලින් එකකට අයිති විය යුතුය.
  7. බ්ලොග් අඩවිය ලියාපදිංචි කිරීමේ වගකීම යොමු කල තැනැත්තා දැරිය යුතු අතර සම්මාන සැණකෙළියේ සංවිධායකවරුන් ඊට වගකියනු නොලැබේ.
  8. බ්ලොග් අඩවියේ අන්තර්ගතය සම්බන්ධව එහි හිමිකරු වගකීම බාරගත යුතුය.
  9. අසභ්‍ය දෑ අඩංගු බ්ලොග් අඩවි දැනුම් දීමකින් තොරව ඉවත් කරනු ලැබේ.

විජෙට්ටුව


ඔබගේ බ්ලොගය තරගය සදහා ඇතුලත් කිරීමට පහත සදහන් පෝරමය පුරවන්න..

> පෝරමය

තරගයට ඇතුලත් කර ඇති බ්ලොග්

2014-09-15 දක්වා බ්ලොග් ලියාපදිංචි කිරීමට ඔබට අවස්ථාව තියෙනවා..
එකතුව බ්ලොග් සම්මාන සැනකෙලිය සදහා ප්‍රධාන මාධ්‍ය අනුග්‍රහය රේඩියෝ කලුතර , සහතික පත්‍ර සදහා අනුග්‍රහය Zion Copy and Print Center

වැඩි විස්තර : info@ekathuwa.org  
උපුටා ගැනීම - එකතුව.org

අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
කවදත් අළුත් වැඩ කරන කාටත් අත හිත දෙන IT දැනුම බෙදාගමු™ අපි අද තවත් අළුත් වැඩකට අත ගහන්නයි මේ සූදානම. මොකක්ද ඉතින් මේ අලුත් වැඩේ? දාල තියෙන්නෙනම් "ඔබටත් බ්ලොග් අඩවියක හිමිකාරයෙක් වෙන්න අවස්තාවක් " කියල. ඉතින් මොකක්ද මේකෙ තේරුම? මුදල් ගසා කන වැඩක්ද? නෑ. ඇත්තෙන්ම නෑ.අපි කවදාවත් කිසිම ලාබයක් ඔයාලගෙන් බලාපොරොත්තු වෙන් නෑ. ඒක ඔයාල දන්නව. වැඩි පුරසාරම් නැතුව වැඩේට බහිමු නේ.

ශ්‍රීලංකාව කියන්නෙ පොඩි රටක් ඒත් ඒකෙ ඉන්න නව පරපුරනම් පොඩි නෑ, පොඩි උනත් වැඩ පොඩි නෑ. ඉතින් යාලුවනේ අද අපි මේ අත ගහන්න යන්නෙ ශ්‍රීලංකාවේ බ්ලොග් පරපුර වැඩි කරන්න යන ගමනෙ මූලික පියවරට.

ඇත්තම කිවුවොත් අපේ රටේ තියන බ්ලොග් අඩවි ප්‍රමාණය මදි. මන් කියන්නෙ මේ IT සම්බන්ධව නෙවෙයි. පොදුවේ ගත්තම ඇත්තටම අපේ රටේ බ්ලොග් අඩවි ප්‍රමාණවත් නෑ. බ්ලොග් අඩවියක් ඔබට නොමිලේ කරගෙන යන්න පුලුවන් ඉතින් ඇයි අපි මේ සම්පත භාවිතා කරන් නැත්තෙ? ලංකාවෙ ඉන්නෙ මෝඩයො නෙවෙයිනෙ? අපි දන්න දෙයක් බෙදාගත්තම අපේ අතින් පයින් යනවද? නෑනෙ? අන්තර්ජාලය තුල
නිකරුනේ ගත කරන කාලය තුල ඔබත් ඔබේ දැනුම බෙදාගන්න නැත්තම් වැඩි දියුණු කරගන්න ඒ කාලය යෙදෙවුවනම්?

දැන් ලංකාවෙ බ්ලොග් අඩවි කියනවන අය ඕනෙ තරම් ඉන්නව. ඒත් ඒ අයට කියවන්න බ්ලොග් අඩවි නෑ ලංකාවෙ. බ්ලොග් අඩවි කරන අයත් එකාට එකා නෑ. එහෙම නෙවෙයි මේ සියලු දෙනා එකතු උනානාම්? ලොකු දෙයක් කරන්න පුලුවන් වෙයි නේද?

ඉතින් වෙන අය ගැන මන් දන් නෑ IT දැනුම බෙදාගමු™ අපි හිතුව ඔයාලටත් අලුතින් බ්ලොග් අඩවියක් ආරම්භ කර පවත්වාගෙන යන්න උදවු කරන්න. අපි හදමු සිංහල බ්ලොග් අඩවි ජාලයක්. අපි සේරම එකතු වෙමු. 

කොහොමද එකතු වෙන්නෙ? IT දැනුම බෙදාගමු™ අපි ඔයාලට බ්ලොග් අඩවියක් හදල දෙනව ඔයාලට කැමති විදිහට,  අපි දන් නැති අයට උපදෙස් දෙනව, කියල දෙනව, ප්‍රවර්ධනය සදහා උදවු කරනව. ඔබේ නමින් නැත්තම් ඔබට කැමති නමකින් බ්ලොග් අඩවියක හිමිකම අපි ඔබට දෙනව. ඔයාලට තියෙන්නෙ බ්ලොග් එක ඉදිරියට කරගෙන යන්න  විතරයි.මූලික අඩිතාලම අපි හදල දෙනව. මන් ආයෙත් කියනව IT වෙන්න ඕනෙ නෑ ඔයාලට පුලුවන් ඔයාල දන්න දෙයක් ගැන බ්ලොග් එකක් පටන් ගන්න. කරන්න අලුත් වැඩක්. 

බ්ලොග් කරල මග නැවතුන අය අද ඉදන් ආයෙත් බ්ලොග් ලියන්න පටන් ගන්න. අපි හදමු එක රෑනක්.බ්ලොග් ජාලයක්.

IT දැනුම බෙදාගමු™ අපිට වඩා හොද බ්ලොග් කරන අය ලංකාවෙ ඉන්නව.ඒත් ගොඩක් අය අනික් අයට අත හිත දෙනන කැමති නෑ. ඒත් අපි සේරම එකතු වුනොත්? Google Adsence දෙන් නෑ සිංහල බ්ලොග් වලට. ඒත් අපිට එව ගන්න පුලුවන් අපි එකතු වෙලා අපේ බ්ලොග් දියුණු කරොත්. මන් කිවුවෙ පොඩි උදාහරණයක් විතරයි.

ඉතින් ඔබත් බ්ලොග් ලියන්න කැමතිනම්, තමන්ගෙම බ්ලොග් අඩවියක් හිමිකරගන්න කැමතිනම් අදම අපිට e-mail පණිවිඩයක් එවන්න. දන් නෑ මට බෑ කියල හිතන් නැතුව ඔබට ආසනම් අපිට කියන්න. අපි පාර පෙන්නන්න ලෑස්තියි.

 itdanumabedagamu@gmail.com


බ්ලොග් එකක් කරගෙන යාමට කැමතිනම් මේ Link එකෙන් ගිහින් Form එක Fill කරල අපිට Submit කරන්න.
>>බ්ලොග් සදහා අයදුම් පත
http://rack.2.mshcdn.com/media/ZgkyMDEyLzEyLzA0Lzk1LzI3eWVhcnNvZmNvLmNuTy5qcGcKcAl0aHVtYgk5NTB4NTM0IwplCWpwZw/fa9f1ffb/11e/27-years-of-com-domain-dominance-infographic--b9f0208a5c.jpg 

 වසරකට අදික කාලයක් IT දැනුම බෙදාගනිමින් ඔබ අතරට ආ අපි දැන් ඩොට් com වලින්(.com) අන්තර්ජාලය හා එක් වූ බව ඉතාමත් සතුටින් දන්වා සිටිමු.

අප බ්ලොග් අඩවියට .com වැනො Top Level Domain එකක් ලබා දීමට කටයුතු කරේ අප අඩවියේ ඇඩ්මින් පැනලයේ Lakshan Fernando සොයුරා බවත් මන් සතුටින් මතක් කරනවා.

අපි ඩොට් com වලින්(.com) අන්තර්ජාලය හා එක් වී ටික දිනක් ගත වුවද කාර්යබහුලත්වය හේතුවෙන් එය ඔබට දැන්වීමට නොහැකි වීම පිළිබඳව මා කනගාටු වෙනව. නමුත් IT දැනුම බෙදාගමු™ කවදාවත් නතර වෙන් නෑ නතර කරන්නත් බෑ. දැන් අපි IT දැනුම පමනක් නොව Android දැනුම ද ඔබ හා බෙදා ගන්නව. ඉතින් යාලුවනේ අප හා එකව සිටින ඔබ සෑම දෙනාටම මාගේ ස්තූතිය.


http://www.itdanuma.com/

අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
 http://www.gal-inc.com/images/blogging.png
නැවත දැනුම් දීමයි.
 
දැන් ගොඩක් ජනප්‍රිය බ්ලොග් අඩවියක් වන IT දැනුම බෙදාගමු බ්ලොග් අඩවිය සදහා නව බ්ලොග් ලියන්නන් අවශ්‍ය වී ඇත.ඔබත් බ්ලොග් ලියන්නට කැමතිනම් මේ දැන්ම ඔබගේ Gmail ලිපිනය අප වෙත ලැබීමට සලස්වන්න. 
මුල්ම අයදුම් කරුවන් කිහිම දෙනා පමණක් බදවා ගනු ලැබේ. අලුත් බ්ලොග් එකක් ආරම්භ කර පවත්වාගෙන යාම ගොඩක් ලේසියි ඒත් කියවන්නන් හෙවත් traffic එක එන් නෑනෙ. ඉතින් දැනටත් කියවන්නන් විශාල ගනණක් දවසකට එන IT දැනුම බෙදාගමු බ්ලොග් අඩවි කණ්ඩායමට ඔබත් එකතු වන්න
------------------------------------------------------
"හැම දෙනාම හැමදේම නොදන්නේය...."
------------------------------------------------------

▬▬▬▬"""" O F F I C I A L - BlOG """"▬▬▬

IT දැනුම බෙදාගමු 

-------------------------------------------------

 
▬▬▬▬ O F F I C I A L - P A G E ▬▬▬
https://www.facebook.com/Itdanuma
-------------------------------------------------

▬▬▬▬ O F F I C I A L - S I T E ▬▬▬▬
ITdanumapromo
----------------------------------------------------

▬▬▬▬ E - M a i l ▬▬▬▬
itdanumabedagamu@gmail.com
-------------------------------------

▬ ADMIN @ IT දනුම බෙදාගමු▬
අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

ශ්‍රී ලංකාවේ සියලු බ්ලොග් අඩවි එක තැනකට ගෙන එමින් ශ්‍රී ලංකාවේ සියලු බ්ලොග් අඩවි වලට පහසුවෙන් යාමට Sri Lankan Blog App සූදානම්. මෙම Project එක මීට ගොඩක් කාලෙකට පෙර ආරම්භ කිරීමට එලසුම් කර තිබුනත් නොයෙක් හේතූන් මත යට ගියා. එහෙත් දැන් මෙම Project එක සූදානම්. 

ඉතින් සියලුම බ්ලොග් කියවන්නන් මෙය Download කරගන්න. ඒ වගේම බ්ලොග් ලියන්නන් මෙය ඔබගේ අඩවියෙන් ඔබගේ බ්ලොගය කියවන්නන්ට ලබා දෙන්න. ශ්‍රීලංකාවේ සියලු බ්ලොග් අඩවි ඔබගේ පරිගණකයේ තිරය මතට ගෙන ඒමට දරන මේ උත්සාහයට ඔබත් දායක වන්න.

බ්ලොග් ලියන්නන් මෙහි Download Widget එක ඔබගේ බ්ලොග් අඩවියට ඇතුලත් කර ගන්න. ඔබගේ අඩවියත් ඔබගේ බ්ලොග් අඩවිය කියවන්නන්ගේ පරිගණකයේ තිරය මතට ගෙන ඒමට ඔබත් දායක වන්න. 


 Download Now


 Download Now


අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
 

ශ්‍රී ලංකාවේ සියලු බ්ලොග් අඩවි එක තැනකට ගෙන එමින් ශ්‍රී ලංකාවේ සියලු බ්ලොග් අඩවි වලට පහසුවෙන් යාමට Sri Lankan Blog App සූදානම්. මෙම Project එක මීට ගොඩක් කාලෙකට පෙර ආරම්භ කිරීමට එලසුම් කර තිබුනත් නොයෙක් හේතූන් මත යට ගියා. එහෙත් දැන් මෙම Project එක සූදානම්. මීට එකතු වීමට කැමති බ්ලොග් අදම එකතු කරන්න. Share කර ඔබේ සහයෝගයත් ශ්‍රි ලාංකික බ්ලොග් කරුවන්ට ලබා දෙන්න. 

පහත් Link එකෙන් ගොස් ඔබේ බ්ලොගයත් අදම ඇතුලත් කරන්න
අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.