WHAT'S NEW?
Loading...
Showing posts with label Gadget. Show all posts
Showing posts with label Gadget. Show all posts
highsoft web

ධාන විදුලි සැපයුම හදිසි ඇනහිටීමකදී ක්‍රියාත්මක වෙමින් පවතින පරිගණකයක් හෝ වෙනයම් උපාංගයක් ක්‍රියාවිරහිත නොවී අඛණ්ඩව එයට


විදුලිය සපයන්නේ UPS ( uninterruptible power supply) එක මගිනි. පරිගණකයෙන් වැඩ කටයුතු කිරීමේදී හදීසියේ විදුලිය ඇනහිටී යාමෙන් සේව් නොකල දේවල් මැකී යාමට ඉඩ ඇත. UPS එක මගින් ඔබට එම කාර්යය සේව් කිරීමට සීමිත කාලයක් ලබාගත හැක. මෙහිදී මතක තබා ගත යුතු දෙය වන්නේ මෙයට ලැප්ටොප් එකේ බැටරිය මෙන් අඛණ්ඩව දීර්ඝ වේලාවක් විදුලිය ලබා දිය නොහැකි බවයි. බොහෝ දෙනෙක්ට ගැටළුවක් වී ඇත්තේ UPSබැටරියේ ආයුකාලය ඉතාමත් සීමිත විමයි. එමනිසා පහත පරිදි ක්‍රමයන් අනුගමනය තුළින් UPS බැටරියේ ආයුකාලය වැඩි කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් වෙළඳ පොලේ මිලදී ගැනීමට ඇති UPS එකක් වසර 2ත් - 3ත් අතර කාලයක් කිසිදු ගැටළුවකින් තොරව ක්‍රියාකාරී මට්ටමේ වැඩ කරයි.
  1. අලුතෙන් යූපීඑස් එකක් මිලදී ගත් විය එය පරිගණකයට හෝ වෙනයම් උපකරණයකට සම්බන්ධ කිරීමට ප්‍රථම පැය 12 ක්වත් බැටරිය ආරෝපණය කිරීම සිදු කළ යුතුය.
    .
  2. හදිසි විදුලිය විසන්ධි විමකදී UPS බැටරියේ බලය අවසන් වන තෙක්ම පරිගණකය ක්‍රියාත්මක කර තැබීම නොකළ යුතුය.
    .
  3. විදුලිය විසන්ධි වීමෙන් පසුව පරිගණකයේ කරමින් සිටි වැඩ හැකි ඉක්මනින් save කර පරිගණකය වසා දැමිය යුතුය.
    .
  4. පැරණි CRT මොනිටර්, වැඩි විදුලියක් වැයවන ප්‍රින්ටර් වර්ග හෝ පරිගණකයට බාහිරින් සවි කර ඇති විදුලිය වැඩි වශයෙන් වැයවන උපාංග UPS එකට සම්බන්ධ නොකළ යුතුය.
    .
  5. එමෙන්ම UPS එකක් භාවිතා නොකර කාලයක් අසුරා තබන්නේනම් අවම වශයෙන් පැය 8 ක්වත් එහි බැටරිය ආරෝපණය කර විදුලිය විසන්ධි කර තැබිය යුතුය.
    .
  6. මීට අමතරව UPS එකක් හෝ UPS බැටරියක් මිලදී ගැනීමේදී හොද වෙළද නාමයක් ඇති අවශ්‍ය විදුලි ධාරිතාවක් ලබා දෙන එකක් තොරාගත යුතුය.
    .
  7.  බැටරි ආයුකාලය නිමවූ පසු නැවත අලුතෙන් බැටරි මාරුකල හැකි UPSඑකක් බාවිතා කිරීමට වගබලා ගන්න.
අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.


http://img.focalprice.com//860x666/MT/MT0275/MT0275B-2.jpg 

ඔන්න යාලුවනේ අද මන් ඔයාලට ටිකක් වෙනස් ආකාරයක පෝස්ට් එකක් අරගෙනයි ආවෙ. මේක පොඩි ගැජට් එකක්. අද ඉදන් මන් ඔයාලට අලුත් ගැජට් ගැනත් පෝස්ට් අරන් එන්න බලාපොරොත්තු වෙනව.

ඉතින් මොකක්ද මේ ගැජට් එක. මේක Ring එකක්.ඒ කියන්නෙ මුද්දක්. ඒ උනාට මේක නිකම්ම මුද්දක් නෙවෙයි මේක Smart Ring එකක්. NFC Smart Ring කියල තමා මේකට කියන්නෙ. NFC කියන කෑල්ල ආවම තේරෙනව ඇතිනෙ මේකට NFC Technology එකත් සම්බන්ධයි කියල. ඔව් මේක නිකම්ම මුද්දක් නෙවෙයි. මන් මේක ගැන කියනවට වඩා ඔයාලට පහල Video එක බැලුවොත් මේ Ring එක ගැන තේරුම් ගන්න පුලුවන්.


හොඳයි, මන් හිතන්නෙ NFC Smart Ring එක ගැන සම්පූර්ණ අවබෝදයක් ඔයාලට ලැබෙන්න ඇති. හැබැයි මේ NFC Smart Ring එකෙන් වැඩ ගන්නනම් ඔයාලගෙ Smart Phone එකේ NFC තියෙන්න ඕනෙ. NFC තියන යාලුවන්ට දැන්ම eBay එකෙන් පහසුවෙන්ම මේ NFC Smart Ring එකක් Order කරන්න පුලුවන්. රුපියල් 2000කට අඩුවෙන් මේ NFC Smart Ring එකක් ඔයාලට eBay හරහා මිලදී ගන්න පුලුවන්.

main image

 එහෙනම් තවත් අලුත් දෙයක් අරන් එන්න බලාපොරොත්තුවෙන් අපි ගියා.....
 



අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.