WHAT'S NEW?
Loading...
Showing posts with label Apple. Show all posts
Showing posts with label Apple. Show all posts

ඔයාල කැමතිද තනි සිම් එකක් තියන ඔයාලගේ ස්මාර්ට් ෆෝන් එක ඩුවල් සිම් එකක් තියන් 4න් එකක් කරගන්න. මේ සඳහා පොඩි ගැජට් එකක් තියනව මෙම ගැජට් එක හදුන්වන්නේ magic-sim කියන නමින්.

සැම්සුන් දුරකථන බොහොමයක්ගේම නම් ඩුවල් සිම් පහසුකමනම් එන දුරකථන නම් එම මොඩල් එකෙම්ම එනවා නමුත් ඩුවල් සිම් පහසුකම එන්නේ එම මොඩල් එකේම පහසුකම් අඩු දුරකතනයන්හිය
 (duos , neo ) වගේ. විශේසත්වය වන්නේ  iphone  සඳහාද මෙය සහය දැක්වීමයි

මෙම ගැජට් එක ලංකා මුදලින් රුපියල් 5000ක්  වාගේ මුදලකට මෙම වෙබ් අඩවියෙන්  මිලදී ගන්න පුළුවනි

මෙම ජගට් එක පහට ඇති දුරකථන සඳහා සහය දක්වනවා 

GALAXY S3/S4/S5/Note 3/4  IPHONES 4/4S/5/5S/6/6PLUS

SONY XPERIA Z2 / Z2  HTC ONE/ONR X/SENSATION XL





මෙය හදුන්වා දීමේ වීඩියෝ ඔබට පති දැක බලා ගත හැක  

SAMSUNG GALAXY S5

SAMSUNG GALAXY S4


SAMSUNG GALAXY NOTE 4



IPHONE 6/6+

         


සැමටම සුභ දවසක් 

Oder
Android ජංගම දුරකථන සහ iPhone අතර තියෙන්නේ ලොකු තරඟයක්. iPhone නිෂ්පාදනය කරන්නේ ඇපල් සමාගම විසින් විතරක් වුනත්, Android ජංගම දුරකථන නම් විවිධ විවිධ සමාගම් රාශියක් විවිධ වෙනස්කම් වලට ලක්කරමින් ජංගම දුරකතන නිෂ්පාදනය කරනවා. ඒත් ඒ අතරින් Samsung දුරකථන තමයි වැඩිම ප්‍රමාණයක් අලෙවි වන්නේ.

මේ ඇප්ස් එක ඔයාලගේ ස්මාර්ට් ෆෝන් එකට දාපුවහම ඕනෑම ෆෝන් එකකට නොමිලේ කෝල් ගන්න පුළුවන් ඕනෑම ෆෝන් එකක් කිව්වේ නොකියා 3310 ෆොනේ එකකට හරි කිසි ගේමක් නැතුව ගන්න පුළුවන්
Data , Smart ෆෝන් ඕනේ නැ කිව්වට කෝල් එක ගන්න ෆෝන් එකට Data , Smart ෆෝන් ඕනේ වෙනවා හොදේ.  මෙයාලනම් කියන්නේ මාසෙකට විනාඩි 50ක් ඕනෑම ෆෝන් එකකට චාල්ල් ගන්න දෙන්නවා කියලා, libon සිට  libon වලටනම් ඕන තරම් ෆ්‍රී කෝල් ගන්න පුලුවනේ, විනාඩි 50 උනත් ඉතින් අපිට වටිනවනේ. නේ මමනම් මේකා මගේ ෆෝන් එකට දාලා බැලුවා ඔයාලත් මේක දාලම බලන්නකෝ
                                                    
                                          Downloads
Apple Store
Google Play







අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
How to install Mac OS X 10.9 on Windows 8/7 using Vmware

අපි කව්රුත් ආසයි නේ ඇපල් මැක් os එක පාවිච්චි කරන්න , එත් ඇපල් පරිගණකයක් ගන්නවා කියන එකනම් හීනයක් තමයි. අද මන් කියන්න අපේ windows මෙහුම්පද්වතියේම කොහොමද ඇපල් මැක් පාවිච්චි කරන්නේ කියලා. 

මුලිම්ම කියන්න ඕනේ මේක Windows XP, 7, 8 , 8.01 or 10 ඕන එකකට ඔට්ටුයි කියල මතක තියා ගන්න.
මෙමගින් අපේ ස්මාර්ට් ෆෝන් එක වයර්ලස් මවුස් එකක් කරන්න පුළුවනි.
හරිම ලේසියි
එවිට අපේ අන්දෘයිඩ් හෝ  ඇපල්  දුරකථනයේ ,  ස්ක්‍රිනය ටච් පෑඩ් එකක් සේ භාවිතා කරමින් වයර්ලස් ක්‍රමයට පරිගණකය හැසිරවිය හැක. මේ ක්‍රියාවලිය සඳහා අපගේ පරිගණකයට Mouse server නම් සේප්ට්වෙයර් එක ඉන්ස්ටෝල් කිරීම අනිවාර්ය වේ එය එය පහතින් ඔබට ඩව්න්ලෝඩ් කරගත හැක,
තවද දුරකථනය සඳහා ඊට ආදාල ඇප්ස් එකද අවශ්‍ය වේ එයත් පහතින් ඔබට ඩව්න්ලෝඩ් කරගතහැක.
ඔබේ දුරකතනයේ wifi ඕනකර තැබීම අනිවාර්ය වේ,




 

ඔන්න යාලුවනේ අද මන් ගෙනාව iOS 8 වල App Icon Set එක. මේව ඔයාලට ගොඩක් විදියට ප්‍රයෝජනවත් වෙන්න පුලුවන්. මේ set එකේ PNG විදියට හා Sketch විදිහට තියනව.ඒ වගේම 1024px, 512px, 152px, 180px, 120px, 87px, 80px, 76px, 58px, 40px, 29px යන Size වලින්ද තියන්ව. උවමනා අය පහතින් බා ගන්නකො.

You can download the ZIP file here:

අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
iPhone 6 ස්මාර්ට්ෆෝන් දුරකථනය කලිසම් සාක්කු වල දැමීම හේතුවෙන් නැවී ඇද වෙන බවට මේ වන විට මත පළවී තිබේ. මේ සම්බන්ධව විස්තර හා ඡායාරූප තාක්ෂණික බ්ලොග් අඩවි, ට්විටර් හා ලොව ප්‍රධාන මාධ්‍ය ආයතන වන දි ඉන්ඩිපෙන්ඩන්ට්, වොෂින්ටන් පෝස්ට්, ඉන්ඩියා ටුඩේ, සිඩ්නි මෝනින් හෙරල්ඩ් මගින් ද වාර්තා කර තිබේ. කොටින්ම කිවහොත් එය මේවනවිට ලෝකයේ උණුසුම්ම තාක්ෂණික සම්බන්ධ කටකතාව බවට පත්වී තිබේ.

ඇපල් සමාගම විසින් මේ දක්වා නිකුත් කරන ලද සිහින්ම ස්මාර්ට්ෆෝන් උපාංගය වන අයිෆෝන් 6 දුරකථනය සෙ.මී. 0.76කටත් වඩා සිහින්වේ. දුරකථනය නැවි යාම පිලිබඳ දෝෂ එතරම් වාර්තා නොවුවත් අන්තර්ජාලයේ ඇතැම් පිරිස් මෙම දෝෂය ඉතා ලොකු දෝෂයක් බවට පෙන්වීමට සිදුකරන උත්සාහයන් හේතුවෙන් ඇපල් ලෝලීන් බොහොමයක් මේවනවිටත් දුරකථනය මිලදී ගන්නේද නැද්ද සම්බන්ධව ගැටලුවකට මුහුණපා තිබේ.

2010 වසරේ නිකුත් කරන ලද අයිෆෝන් 4 වර්ගයේ දුරකතනයේද දුරකථන සම්බන්ධතාව සම්බන්ධයෙන් (#antennagate) දෝෂයක් පැවතුන අතර එය අනවශ්‍යය පරිදි ප්‍රචාරය වන විට අසත්‍යය ප්‍රචාර වැලැක්වීම උදෙසා එකල ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ස්ටීව් ජොබ්ස් විසින් සමාගම වෙනුවෙන් නිවේදනයක් සිදුකරන ලදී. මෙවරද ඇපල් ලෝලීන් වත්මන් ප්‍රධාන විධායක නිලධාරි ටීම් කුක් ගෙන් එවන් මැදිහත්වීමක් බලාපොරොත්තුවෙන් සිටී. 

ඇපල් දුරකතනයේ නැවි යාම ප්‍රචලිතව ඇත්තේ #bendgate නම් හෑෂ් ටැග් එකෙන් වන අතර ඒ ඔස්සේ ලොව ප්‍රකට දුරකථන නිෂ්පාදන සමාගම් ඇපල් සමාගමේ දෝෂය හාස්‍යයට ලක්කොට තිබුනේ පහත පරිද්දෙනි. 

apple



අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
ඇපල් සමාගම මෙවර අලුතින් යමක් හඳුන්වා දෙනවා වෙනුවට සිදුකලේ වෙනස් වන ඉල්ලුමට අනුව වඩා හොඳ නිෂ්පාදනයක් එලිදැක්වීමයි. ඒ වගේම iPhone හි සෑම අස්සක් මුල්ලක් නෑරම upgrade කරන්නටත් ඇපල් සමාගම තීරණය කරලා. ඒ අනුව දැනට වෙළඳපලේ ඇති හොඳම ජංගම දුරකතනයක් විදියට ඇපල් iPhone 6 හඳුන්වන්න පුළුවන්. හොඳම ජංගම දුරකථනය කියලා වුනත් හඳුන්වන්න පුළුවන්. ඒත් මේ නිකුත් වුනේ අවුරුදු 7ක් තිස්සේ ලත් අත්දැකීම් වලින් නිපදවූ තවත් එක් iPhone එකක් විතරයි.
ලොව විශාලතම ජංගම දුරකථන ප්‍රජාව වන ‘ටෘකෝලර්’ තවත් වර්ධනය වන වෙළෙදපොළකට උපායමාර්ගිකව අවතීර්ණය වීම සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවේ දියත් කිරීම නිවේදනය කර ඇත. ලොව වටා මිලියන 75 කට අධික, ක්‍රමයෙන් වර්ධනය වන සාමාජිකයන් සංඛ්‍යාවකින් යුත් ‘ටෘකෝලර්’ ස්වීඩනයේ ස්ථාපිත සමාගමකි.

 සාමාජිකයන්ට තමන් කැමති අය සමඟ කැමති වෙලාවක දී දුරකථනය හරහා සම්බන්ධ වීමේ අවස්ථාව උදා කර දෙමින් ‘ටෘකෝලර්’ ජංගම දුරකථන පරිසරය වඩාත් කාර්යක්ෂම කරයි. මෙය සාමාජිකයන්ට ඔවුන්ගේ දුරකථන නාමාවලියේ කලින් ඇතුළත් කර නොමැති දුරකථන අංක වෙතින් පැමිණෙන ඇමතුම් ද නිවැරදිව හඳුනාගැනීම තුළින් සාමාජිකයන්ගේ දුරකථන නාමාවලියේ පරිමාණය ඉක්මවා දුරකථන අංක ලැයිස්තුව වර්ධනය කර දෙයි. සිංහල, දෙමළ, ඉංග්‍රීසි සහ අනෙකුත් භාෂාවන් බොහෝමයකින් ස්මාර්ට් ෆෝන් භාවිතයක් ලෙස iOS, ඇන්ඩ්‍රොයිඩ්, වින්ඩෝස් ෆෝන් 8, බ්ලැක්ඛෙරි(7 සහ 10), සිම්බියන් එස් 60 සහ සීරීස් 40 සඳහා ‘ටෘකෝලර්’ සේවාව නොමිලේ ඩවුන්ලෝඩ් කර ගත හැකි ය.

 ‘ටෘකෝලර්’ සේවාවේ වේගවත් වර්ධනයට බලපාන ප්‍රධානතම හේතුව වන්නේ ස්පෑම් දුරකථන ඇමතුම් වළක්වාලමින් සහ ඇමතුම්කරු ක්ෂණිකව හඳුනාගනිමින් ජංගම දුරකථන භාවිතකරුවන් මුහුණ පාන විශාල ගැටළු විසදීමට සහාය වීම ය. වර්ථමානයේ ‘ටෘකෝලර්’ විසින් 28,000 කට අධික ශ්‍රී ලාංකීය ස්පෑම් ඇමතුම්කරුවන් වාර්තා කළ අතර මෙම සේවාව හා සම්බන්ධවීම තුළින් සියළුම සාමාජිකයන්ට මෙම දුරකථන අංකවලින් ලැඛෙන ඇමතුම්වලින් ආරක්ෂාව සැපයේ. ජාත්‍යන්තරව දිනකට මිලියන 05කට අධික ස්පෑම් ඇමතුම් සංඛ්‍යාවක් මෙම භාවිතය විසින් හඳුනාගෙන අවහිර කරනු ලැබේ. ජංගම දුරකථන භාවිතකරුවන්ට ලැඛෙන ඇමතුම්හී ඇමතුම්කරු පැවසීමෙන් එම ඇමතුම ලබා ගන්නවාද නැද්ද යන්න තීරණය කිරීමට ඔවුනට සහායවෙමින් ‘ටෘකෝලර්’ ශ්‍රී ලාංකිකයන්ගේ පෞද්ගලික සහායක ලෙස ක්‍රියා කරයි.

‘ටෘකෝලර්’ හී ආසියානු – මැදපෙරදිග සහ අප්‍රිකා වර්ධන සහ හවුල්කාරිත්ව උප සභාපති කාරි ක්‍රිෂ්ණමූර්ති මහතා පැවසුවේ ‘ටෘකෝලර්’ ජංගම දුරකථන භාවිතය ශ්‍රී ලංකාවේ නිල වශයෙන් දියත් කිරීමට හැකිවීම පිළිබඳ බොහෝ සෙයින් සතුටට පත්වන බවයි. ශ්‍රී ලංකාව වර්ධනය වන වෙළෙදපොළක් ලෙස හඳුනාගෙන ඇති අතර සියළුම ශ්‍රී ලාංකික ස්මාර්ට්ෆෝන් භාවිතකරුවන්ට මෙම නව්‍ය සේවාව පිරිනමමින් මෙරටට වැඩි අවධානයක් යොමු කිරීමට තීරණය කළ බවත් එම සමාගම සඳහන් කරයි.

 ඔහු තවදුරටත් අදහස් දක්වමින් ‘මෑතක් වන තුරු ඇමතුමක් ලබා ගැනීමට නොහැකි වූ විට ඇමතුම ලබා දුන්නේ කවුද යන්න දැන ගැනීම සඳහා ආපසු එම දුරකථන අංකයට ඇමතුමක් ලබා දිය යුතු විය අතර එම නිසාම ජංගම දුරකථනහිමියන් ස්පෑම් දුරකථන ඇමතුම්කරුවන්ගේ උගුලට හසු විය. නමුත් ලොව විශාලතම ජංගම දුරකථන ප්‍රජාව වන ‘ටෘකෝලර්’ දියත් කිරීම සමඟ දැන් සියළුම සාමාජිකයන්ට නිවැරදි ඇමතුම් ලබා ගැනීමට එයා සහාය වෙන බවත්’ සඳහන් කරයි.






උපුටා ගැනීමකි 

අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
 itdanuma
අද මන් කියල දෙන්න හදන්නෙ Android හා iPhone Apps Coding නැතුව හදාගන්න පුලුවන් ක්‍රමයක් ගැනයි. මේක වෙබ් අඩවියක්. Coding ගැන අවබෝධයක් නොමැති කෙනෙක්ට උවත් නොමිලේම මේ අඩවියෙන් සරල Android හා iPhone Apps සාදා ගන්න් පුලුවන්. ඔයාලගෙ වෙබ් අඩවිටය බ්ලොග් අඩවියට හෝ ඔබට ඕනෑම අවස්තාවකට Android හා iPhone Apps මේ අඩවියෙන් ඉතාමත් ලේසියෙන් සාදා ගන්න පුලුවන්. ඉතාසරල Steps කීපයකින් Android හා iPhone Apps සදාගන්න පුලුවන් වීම විශේෂත්වයක්. ඉතින් ඔයාලත් උත්සහ කරල බලන්න.


අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
ස්මාට් ජංගම දුරකථන වෙළෙඳ පොළ තුළ වසරක පමණ කාලයක් උණුසුමක් ඇති කරමින් ඇපල් සමාගම සිය නවතම iPhone ස්මාට් දුරකථනය පසුගියදා කැලිෆෝනියාවේදී එළිදක්වා තිබුනේ ඇපල් ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක්ගේ ප්‍රධානත්වයෙනි.

එහිදී iPhone 6 (අඟල් 4.7 තිරය) නවතම ස්මාට් ජංගම දුරකථනය, එයට වඩා විශාල තිරයක් සහිත iPhone 6 Plus (අඟල් 5.5ක තිරය) ස්මාට් දුරකථනයද, ඇපල් වොච් සමාර්ට් ඔරලෝසුවද එළිදක්වන ලදී.නිකුත් කරනලද අයි ෆෝන් දුරකථනහි විශේෂාංග සහ එහි පෙනුම සම්බන්ධව බොහෝ දෙනෙකු දැනටමත් දැනුවත් හෙයින් එය ලංකාවට පැමිණීමේදී අලෙවිය විය හැකි මිල ගණන් පිළිබඳව මෙසේ සටහනක් තබන්නේ බොහෝ දෙනෙකු ඇපල් දුරකතනයේ මිල Contract මිල ගණන් සමග පටලවාගෙන සිටීම හේතුවෙනි. 


Apple I phone 6 - 16GB ($869) - ලංකාවේ මුදලින් 116,000/= පමණ 
Apple I phone 6 - 64GB ($999) - ලංකාවේ මුදලින් 133,000/= පමණ 
Apple I phone 6 - 128GB ($1129) - ලංකාවේ මුදලින් 150,000/= පමණ 

Apple I phone 6 Plus - 16GB ($999) - ලංකාවේ මුදලින් 133,000/= පමණ 
Apple I phone 6 Plus - 64GB ($1129) - ලංකාවේ මුදලින් 150,000/=පමණ 
Apple I phone 6 Plus - 128GB ($1249) - ලංකාවේ මුදලින් 166,000/= පමණ 

Reviews තුලින් හෙළිවූ ඇපල් අයි ෆෝන් 6 දුරකතනයේ වාසි හා අවාසි 



වාසි 

  • Apple iPhone 6 පැමිණෙන්නේ නවතම iOS 8 මෙහෙයුම් පද්ධතිය සමග වේ.
  • 4.7 inch LED-backlit IPS LCD capacitive තිරය හා multiple touch, Shatter proof glass protection, Oleophobic coating and Fingerprint සංවේදක.
  • Dual-core 1.4 GHz Cyclone processor සමග එන Apple A8 chipset සහ 1GB RAM, 16/64/128 GB අභ්‍යන්තර මතකයන්.
  • 8MP පසුපස කැමරාව සහ 1.2MP ඉදිරිපස කැමරාව - high resolution autofocus, LED Flash and 
  • Wifi, GPS, 3G , 4G, NFC සහ USB සම්බන්ධතාවය 
  • නිර්මානයේ ඇති සිහින් බව 
අවාසි 
  • වතුර හා දූවිලි වලට ඔරොත්තු දීමට ක්‍රමවේදයක් නොමැතිවීම 
  • Quad-core Processor බලාපොරොත්තු වුවත් Dual-core ප්‍රොසෙසරයක් සමග පැමිණීම 
  • ඉවත්කළ නොහැකි Li-Po battery.
  • MicroSD චිප් සඳහා පහසුකම් සපයා නැත.
  • රේඩියෝ ඇසීමට පහසුකමක් නොමැත.
  • රැම් මතකය 1GB වලට සීමාවී ඇත.
  • මෙම පහසුකම් සහිත අනෙකුත් ස්මාර්ට් දුරකථන සමග සැසදීමේදී මිල ඉතා අධික වීම.
උපුටාගන්නා ලද්දෙකි