WHAT'S NEW?
Loading...
Showing posts with label Python සිංහලෙන්. Show all posts
Showing posts with label Python සිංහලෙන්. Show all posts

Python යනු සුවිශේෂී පරිගණක භාෂාවකි. එය උසස් පෙළ තාක්ෂණික විෂය ධාරාවේ මෙන්ම වාණිජ,කලා,ගණිත ආදී විෂය ධාරාවන් යටතේ තොරතුරු තාක්ෂණය විෂයේ පාඩම් කොටසකි.
බොහෝ සිසුන්ට එය අපහසු වුවත් දැන් එය ‘IT දැනුම බෙදාගමු‘ වෙබ් අඩවිය හරහා ඔබ වෙත සරලව ඉදිරිපත් කරන්නෙමු.  දැන් මොකක්ද මේ Python  කියලා බලමු.

Python  යනු :

දහසක් පරිගණක භාෂා අතරින් Python  සුවිශේෂී වන්නේ එහි ඇති වේගය, මෙන්ම ඒ සදහා බලපානා සරල කෝඩ්ස් නිසාය. එනම් Python  මගින් ඉතා කුඩා කෝඩ් ප්‍රමාණයකින් ප්‍රෝග්රෑම් ලිවිය හැකි ක්‍රමලේඛන භාෂාවකි.
Python මගින් ලියන ලද කෝඩ්ස් එනම් ප්‍රෝග්රෑම්ස් වින්ඩෝස් මෙන්ම යුනික්ස් පාදක මෙහෙයුම් පද්ධතිවලද (ඔපරේටින් සිස්ටම්) වලදීද ධාවනය කළ හැකිය.

Python  භාවිත සදහා උදාහරණ :

ලොව ජනප්‍රිය ගූගල් සර්ච් එන්ජින් එක මෙන්ම යූ-ටියුබ් වෙබ් අඩවිද, බිට් ටොරන්ට් වැනි වැඩසටහන්ද Python  සහයෙන් නිපදවා ඇත.

Python ක්‍රමලේඛ භාෂාවේ ඉතිහාසය :

ABC පරිගණක භාෂාව ආභාෂයට ගෙන Python ක්‍රමලේඛ භාෂාව නිපදවා තිබේ. ලන්දේසි ජාතිකයෙකු වන Guido Von Rossum විසින් Python  ලොවට හදුන්වා දෙනු ලැබීය.

Pythonහි සුවිශේෂීතා :

Python මගින් කෝඩ් කිරීමේදී Object Oriented Concept, Imperative, Functional ආදී ක්‍රම වලින් කැමති ක්‍රමයකින් කෝඩිං කළ හැක.
Python  මගින් සෑදූ කෝඩ් ෆයිල් එක ජාවා මෙන්ම ඩොට්නෙඩ් මතද ධාවනය කළ හැක.
Compile කිරීමකින් තොරව ධාවනය කළ හැකි Scripting Language එකක් ලෙසද Python  භාවිතා කළ හැක. මේ නිසාම වෙබ් අඩවි නිර්මාණයට Python  ස්ක්‍රිප්ටින් භාෂාවක් ලෙසද යොදාගත හැක.
බොහෝ පරිගණක භාෂාවල භාවිතාවන කී‘වර්ඩ්ස් Python වල යෙදීම අනවශ්‍ය වේ. (කී‘වර්ඩ්ස්- begin,end,end sub, end if)

Python වර්ෂන් වර්ග :

01. JPython 
02.IronPython

Python ඉගෙනීමට පෙර ඔබ දැන ගත යුතු  Programming Language සහ Machine Language :

  • පරිගණකයට ලියනු ලබන ප්‍රොග්රෑම්ස් ලියනු ලබන්නේ මිනිසුන්ට කියවිය හැකි (හියුමන් රීඩබල්) හා වටහාගැනීමට හැකි අයුරිනි.
  • නමුත් එය පරිගණකයට තේරුම්ගත නොහැකිය.
  • පරිගණකයට වැටහෙනුයේ 0 සහ 1 පදනම් වූ ඉලොක්ට්‍රොනික භාෂාවය. (මැෂීන් ලැන්වේජ්)
  • මිනිසුන්ට කියවිය හැකි ආකාරයට ලියූ ප්‍රෝග්රෑම් එක පරිගණකයට තේරුම්ගත හැකි ආකාරයට පත් කිරීමට Compiler , Interpreter භාවිතා කරයි.
  • ඉලොක්ට්‍රොනික භාෂාව ද්වීමය සංඛ්‍යා සමූහයකින් යුත් කේතයකි.
ඊළග සතියේදී Pythonවලදි භාවිතා වන ගණිත කාරක සහ සැසදීමේදී කාරක සහ විචල්‍ය ගැන....