ඔබ නිතරම පරිගණකය ආශිතව කටයුතු කරන්නෙක්ද? එසේ නම් නිතැතින්ම මේ ගැටළුව
ඔබටත් ඇති වී ඇති. යම් දීර්ඝ කාලයක් ගත වන කටයුත්තක් සිදු කරමින් සිදු
කරමින් සිටින විට හදිසියේම ඔබට ඉවතට යෑමට සිදු වේ. එහෙත් පරිගණකය ක්‍රියා
විරහිත (shut down) කිරීමට ද නොහැකිය. එසේ නම් යම් කාලයක් තබා උදාහරණයක්
ලෙස මඟින් පරිගණකය shut down කිරීමට තිබේ නම් අගනේ යැයි විටෙක ඔබට සිතෙන්නට
හැකිය.
එසේ නම් කිසිදු අමතර මෘදුකාංගයක් භාවිතා නොකර batch script මඟින් එවැනි සරල application එකක් සකසා ගන්නා ආකාරය බලමු.මෙය windows 7 හි අත් හදා බලා ඇති නමුත් අනෙකුත් බොහෝ unix පද්ධති වලද ක්‍රියා කරනු ඇත. සමහර විටෙක widnows xp වල මෙය ක්‍රියා නොකරනු ඇති.
මුලින්ම Notepad එක open කර එය ඔබට කැමති නමක් යොදා අවසානයට .bat extension එක සහිතව save කර ගන්න.
e.g timer.bat
ඉන්පසු පහත කේතය copy කර එහි paste කර ගන්න. save කර ගැනීමෙන් අනතුරුව run කර බලන්න. shutdown වීමට අවශ්‍ය කාලය ලබා දී ඔබට ඉවතට යා හැක. ස්වයංක්‍රීයව එම කාලය අවසන් වීමෙන් පසුව පරිගණකය shut down වනු ඇත.
එසේ නම් කිසිදු අමතර මෘදුකාංගයක් භාවිතා නොකර batch script මඟින් එවැනි සරල application එකක් සකසා ගන්නා ආකාරය බලමු.මෙය windows 7 හි අත් හදා බලා ඇති නමුත් අනෙකුත් බොහෝ unix පද්ධති වලද ක්‍රියා කරනු ඇත. සමහර විටෙක widnows xp වල මෙය ක්‍රියා නොකරනු ඇති.
මුලින්ම Notepad එක open කර එය ඔබට කැමති නමක් යොදා අවසානයට .bat extension එක සහිතව save කර ගන්න.
e.g timer.bat
ඉන්පසු පහත කේතය copy කර එහි paste කර ගන්න. save කර ගැනීමෙන් අනතුරුව run කර බලන්න. shutdown වීමට අවශ්‍ය කාලය ලබා දී ඔබට ඉවතට යා හැක. ස්වයංක්‍රීයව එම කාලය අවසන් වීමෙන් පසුව පරිගණකය shut down වනු ඇත.
:A @ECHO off TITLE Shutdown timer COLOR 0e ECHO by
Danuma Bedagamu
ECHO ------------------------------------- SET input= SET /p input= Do you really need to shutdown(y/n): @ECHO off IF %input% EQU n goto A if NOT B :B ECHO Enter the time to shutdown... set /p id=Enter time in seconds: TIMEOUT /T %id% /NOBREAK @ECHO off TASKKILL /fi "username eq %username%" /fi "imagename ne explorer.exe" /fi "imagename ne cmd.exe" /fi "imagename ne sidebar.exe" /fi "imagename ne winlogon.exe" /im * @ECHO off cd C:\Windows\System32 shutdown /s /t 10
මේ කේතය මඟින් සියළුම running process end කරන බැවින් ඔබට එසේ කිරීමට අවශ්‍ය නැත්නම් පහත පරිදි වෙනස් කම් කල හැකිය.
පහත සඳහන් කේතයේ යම් වෙනස් කම් කිරීම මඟින් ඔබටම සුවිශේෂී වූ timer එකක් සාදා ගත හැක.
TASKKILL /fi "username eq %username%" /fi "imagename ne explorer.exe" /fi "imagename ne cmd.exe" /fi "imagename ne sidebar.exe" /fi "imagename ne winlogon.exe" /im *
විශේෂයෙන් සඳහන් process හැර අනෙකුත් සියළුම process end කිරීම මේ මඟින් කරයි. නමුත් අපට බොහෝ විට අවශ්‍ය වන්නේ එක process 1 පමණක් end කර පරිගණකය ක්‍රියා විරහිත කිරීමයි. ඒ සඳහා command prompt එකේ tasklist යනුවෙන් type කර මේ අවස්ථාවේ run වන process පිළිබඳ විස්තරයක් ලබා ගත හැක. එයින් ඔබට කාලයකට පසු close කිරීමට අවශ්‍ය process එකේ නම copy කර ගන්න. උදාහරණයක් ලෙස chrome තෝරා ගමු. එය chrome.exe යනුවෙන් දිස් වනු ඇත. එය පමණක් close කර පරිගණකය shutdown කිරීමට අවශ්‍ය නම් මෙලෙස ඉහත කේතය වෙනස් කල යුතු වේ.
TASKKILL /fi "username eq %username%" /fi "imagename eq chrome.exe" /im *
ඔබට අවශ්‍ය වන්නේ වැඩසටහන force කිරිමකින් කෙසේ හෝ end කිරීමට නම් මෙලෙස කේතය වෙනස් කල යුතු වේ.
TASKKILL /f /fi "username eq %username%" /fi "imagename eq chrome.exe" /im *
අවසානයේ පහත පරිදි දිස් වනු ඇත.
:A @ECHO off TITLE Shutdown timer COLOR 0e ECHO by
Danuma Bedagamu
ECHO ------------------------------------- SET input= SET /p input= Do you really need to shutdown(y/n): @ECHO off IF %input% EQU n goto A if NOT B :B ECHO Enter the time to shutdown... set /p id=Enter time in seconds: TIMEOUT /T %id% /NOBREAK @ECHO off TASKKILL /fi "username eq %username%" /fi "imagename eq chrome.exe" /im * @ECHO off cd C:\Windows\System32 shutdown /s /t 10
ඔබට අවශ්‍ය වන්නේ පරිගණකය hibernate කිරීමට නම් ඉහත සඳහන් කේතය වෙනුවට පහත කේතය යොදා bat file 1 සාදා ගෙන එය run කරන්න. එසේ නොමැති නම් මෙම කේතය පේළියෙන් පේළිය command prompt හි paste කිරීමද කල හැකියි.
:A
@ECHO off
TITLE Hibernate timer
COLOR 0e
ECHO by IT Danuma Bedagamu
ECHO -------------------------------------
SET input=
SET /p input= Do you really need to hibernate (y/n):
@ECHO off
IF %input% EQU n goto A if NOT B
:B
ECHO Enter the time to hibernate...
set /p id=Enter time in seconds:
TIMEOUT /T %id% /NOBREAK
@ECHO off
cd C:\Windows\System32
shutdown /h
ඔබත් අත් හදා බලා යම් ගැටළුවක් වේ නම් කොමන්ට් එකක් දමන්න.
- November 10, 2013
අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
meka second wenuwata minute widihata change karaganna barida
ReplyDeleteScript දුවන්නෙ second වලින්නෙ සහෝ ඒ නිසා ඔයාට පුලුවන් අවශ්‍ය minute වලට හරියන්න second වලින් දාන්න
DeleteGood Post Machan... Digatama Liyanna
ReplyDelete