Facebook භාවිත කරන්නන් 689000කගේ දත්ත උපයෝගී කරගනිමින් සිදුකල සමීක්ෂණයක් සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගමට දෝෂාරෝපණ එල්ලවී තිබේ. ප්‍රවෘත්ති කෙරෙහි Facebook භාවිත කරන්නන් දක්වන ප්‍රතිචාර පිළිබඳව මෙම මනෝවිද්‍යාත්මක පරීක්ෂණය සිදුකොට ඇත්තේ අමෙරිකානු විශ්වවිද්‍යාල දෙකක් මගිනි. මෙසේ ෆේස්බුක් දත්ත අනවසරයෙන් භාවිතා කිරීම නීති විරෝධී බව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජිම් ෂෙරිඩන් චෝදනා කර සිටී.
සමාජ ජාල පරිශීලකයන් මෙම පුවතත් සමග අදහස් දක්වා ඇත්තේ මෙම ක්‍රියාව හරහා Facebook වෙබ් අඩවිය කෙරෙහි පැවති විශ්වාසය බිඳ වැටුණු බව ය. මෙයට ප්‍රතිචාර දක්වා ඇති ෆේස්බුක් සමාගමේ නිලධාරීන් පවසන්නේ එම සමීක්ෂණය සිදුකරන ලද්දේ අන්කිසිවෙකුට නොව ෆේස්බුක් වෙබ් අඩවිය තවත් දියුණු කරගැනීමට බවය.
මෙම සමීක්ෂණයේ වාර්තාව සෑදු සම සංස්කාරක ඇඩම් ක්‍රේමර් මේ සම්බන්ධයෙන් Facebook භාවිත කරන්නන්ගෙන් සමාවඇයද තිබේ.
අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
us ohommamai
ReplyDelete