WHAT'S NEW?
Loading...

MICROSOFT වැඩේට බැහැලා ?



ඉතා පහසුවෙන් ලැබෙන පණිවිඩ සහ තොරතුරු හුවමාරු කර ගැනීම සදහා  පලඳින ආකාරයේ පරිගණක උපාංග පිලිබදව මෑත කාලීනව මහත් උනන්දුවක් දක්නට ලැබේ. 


Google Glass එම උනන්දුවේ තීරනාත්මක සාධකයක්ව ඉස්මතුව පෙනිනි. Samsung වෙතින් පැමිනි  Galaxy Gear watche නැවත වරක් එම උනන්දුව අවදිකරවන්නට කාරණයක් වූ අතර Apple ආයතනයද තම ඉදිරි සැලසුම් වල smart ආකාරයේ ඔරලෝසු නිකුතුවක් පිලිබදව හෙලි කර සිටියේය.

 නිල නොවන ආකාරයේ  නවතම පුවතක් පවසන්නේ Microsoft සමාගම ද තම smart මට්ටමේ පලඳින ඔරලෝසුව පිලිබදව මහත් අවධානයකින් කටයුතු කරන බවකි. ආයතනය තුල වන වැඩි අවධානයකින් මෙම උපාංගය සංවර්ධනය කරමින් සිටින බවකි. 

සියලුම පාහේ ප්‍රධාන ස්මාර්ට් ෆෝන් platforms සමග සහයෝගයෙන් ක්‍රියාත්මක වනු ඇති බවට පැවසෙන මෙම උපාංගය භාවිතාකරන්නාගේ හඳ ගැස්ම පිලිබදව නිරන්තරයෙන් සිටීම ප්‍රමුක අංගයන් රාශියක් සමග පැමිනෙනු ඇති බවටයි හෙලි වන්නේ. 

දෙදිනක බැටරි ආයුකාලයක් සමග එන්නට නියමිත මෙම උපාංගය සදහා වසර ගනනාවක සිට සිට ආයතනය තුල සංවර්ධනය වෙමින් පැවති SPOT (smart personal object technology) මෘදුකාංග වඩාත් සිත්ගන්නා සුලු පෙනුමක් මෙන්ම ක්‍රියාකාරීත්වයක් සමග වනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. 

මෙම ඔරලෝසුව වෙළද පලට නිකුත් කරන ස්ථිර කාල වකවානු මෙතෙක් ප්‍රකාශයට පත්ව නොමැත.

අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

1 comment: Leave Your Comments