WHAT'S NEW?
Loading...

ඔබටත් බ්ලොග් අඩවියක හිමිකාරයෙක් වෙන්න අවස්තාවක්

කවදත් අළුත් වැඩ කරන කාටත් අත හිත දෙන IT දැනුම බෙදාගමු™ අපි අද තවත් අළුත් වැඩකට අත ගහන්නයි මේ සූදානම. මොකක්ද ඉතින් මේ අලුත් වැඩේ? දාල තියෙන්නෙනම් "ඔබටත් බ්ලොග් අඩවියක හිමිකාරයෙක් වෙන්න අවස්තාවක් " කියල. ඉතින් මොකක්ද මේකෙ තේරුම? මුදල් ගසා කන වැඩක්ද? නෑ. ඇත්තෙන්ම නෑ.අපි කවදාවත් කිසිම ලාබයක් ඔයාලගෙන් බලාපොරොත්තු වෙන් නෑ. ඒක ඔයාල දන්නව. වැඩි පුරසාරම් නැතුව වැඩේට බහිමු නේ.

ශ්‍රීලංකාව කියන්නෙ පොඩි රටක් ඒත් ඒකෙ ඉන්න නව පරපුරනම් පොඩි නෑ, පොඩි උනත් වැඩ පොඩි නෑ. ඉතින් යාලුවනේ අද අපි මේ අත ගහන්න යන්නෙ ශ්‍රීලංකාවේ බ්ලොග් පරපුර වැඩි කරන්න යන ගමනෙ මූලික පියවරට.

ඇත්තම කිවුවොත් අපේ රටේ තියන බ්ලොග් අඩවි ප්‍රමාණය මදි. මන් කියන්නෙ මේ IT සම්බන්ධව නෙවෙයි. පොදුවේ ගත්තම ඇත්තටම අපේ රටේ බ්ලොග් අඩවි ප්‍රමාණවත් නෑ. බ්ලොග් අඩවියක් ඔබට නොමිලේ කරගෙන යන්න පුලුවන් ඉතින් ඇයි අපි මේ සම්පත භාවිතා කරන් නැත්තෙ? ලංකාවෙ ඉන්නෙ මෝඩයො නෙවෙයිනෙ? අපි දන්න දෙයක් බෙදාගත්තම අපේ අතින් පයින් යනවද? නෑනෙ? අන්තර්ජාලය තුල
නිකරුනේ ගත කරන කාලය තුල ඔබත් ඔබේ දැනුම බෙදාගන්න නැත්තම් වැඩි දියුණු කරගන්න ඒ කාලය යෙදෙවුවනම්?

දැන් ලංකාවෙ බ්ලොග් අඩවි කියනවන අය ඕනෙ තරම් ඉන්නව. ඒත් ඒ අයට කියවන්න බ්ලොග් අඩවි නෑ ලංකාවෙ. බ්ලොග් අඩවි කරන අයත් එකාට එකා නෑ. එහෙම නෙවෙයි මේ සියලු දෙනා එකතු උනානාම්? ලොකු දෙයක් කරන්න පුලුවන් වෙයි නේද?

ඉතින් වෙන අය ගැන මන් දන් නෑ IT දැනුම බෙදාගමු™ අපි හිතුව ඔයාලටත් අලුතින් බ්ලොග් අඩවියක් ආරම්භ කර පවත්වාගෙන යන්න උදවු කරන්න. අපි හදමු සිංහල බ්ලොග් අඩවි ජාලයක්. අපි සේරම එකතු වෙමු. 

කොහොමද එකතු වෙන්නෙ? IT දැනුම බෙදාගමු™ අපි ඔයාලට බ්ලොග් අඩවියක් හදල දෙනව ඔයාලට කැමති විදිහට,  අපි දන් නැති අයට උපදෙස් දෙනව, කියල දෙනව, ප්‍රවර්ධනය සදහා උදවු කරනව. ඔබේ නමින් නැත්තම් ඔබට කැමති නමකින් බ්ලොග් අඩවියක හිමිකම අපි ඔබට දෙනව. ඔයාලට තියෙන්නෙ බ්ලොග් එක ඉදිරියට කරගෙන යන්න  විතරයි.මූලික අඩිතාලම අපි හදල දෙනව. මන් ආයෙත් කියනව IT වෙන්න ඕනෙ නෑ ඔයාලට පුලුවන් ඔයාල දන්න දෙයක් ගැන බ්ලොග් එකක් පටන් ගන්න. කරන්න අලුත් වැඩක්. 

බ්ලොග් කරල මග නැවතුන අය අද ඉදන් ආයෙත් බ්ලොග් ලියන්න පටන් ගන්න. අපි හදමු එක රෑනක්.බ්ලොග් ජාලයක්.

IT දැනුම බෙදාගමු™ අපිට වඩා හොද බ්ලොග් කරන අය ලංකාවෙ ඉන්නව.ඒත් ගොඩක් අය අනික් අයට අත හිත දෙනන කැමති නෑ. ඒත් අපි සේරම එකතු වුනොත්? Google Adsence දෙන් නෑ සිංහල බ්ලොග් වලට. ඒත් අපිට එව ගන්න පුලුවන් අපි එකතු වෙලා අපේ බ්ලොග් දියුණු කරොත්. මන් කිවුවෙ පොඩි උදාහරණයක් විතරයි.

ඉතින් ඔබත් බ්ලොග් ලියන්න කැමතිනම්, තමන්ගෙම බ්ලොග් අඩවියක් හිමිකරගන්න කැමතිනම් අදම අපිට e-mail පණිවිඩයක් එවන්න. දන් නෑ මට බෑ කියල හිතන් නැතුව ඔබට ආසනම් අපිට කියන්න. අපි පාර පෙන්නන්න ලෑස්තියි.

 itdanumabedagamu@gmail.com


බ්ලොග් එකක් කරගෙන යාමට කැමතිනම් මේ Link එකෙන් ගිහින් Form එක Fill කරල අපිට Submit කරන්න.
>>බ්ලොග් සදහා අයදුම් පත

2 comments: Leave Your Comments

  1. එල එල අපිත් ඕන දෙයකට ඉන්නවා.....
    smartworldsl.blogspot.com

    ReplyDelete