අද මන් කියල දෙන්න යන්නෙ පොඩි Network සෙල්ලමක්. මේක Forum එකක තිබුන ගැටලුවක්. එයාට හරි උත්තරේ ලැබිල තිබුන් නෑ. මන් හිතුව හැමොටම කියවන්න ඒයාගෙ ගැටලුවට පැහැදිලි පිලිතුරක් ලබා දෙන්න. එයාගෙ ගැටලුව වුනේ "කෝමද PC 2k network කරන්නේ? මුල සිට සරලව කිය දෙන්ඩ" කියන එක. ඉතින් අපි බලමු ඒකට විසදුම.
මුලින්ම අපි බලමු මේකට ඕනෙ ආම්පන්න ටික.
- Computer 2ක්. (Desktop or Laptop)
- "crossover cable" එකක් (crossover කියල හෝ කඩේකින් PC 2ක් connect කරන්න ඕනෙ කියල cable එකක් clip කරල ඉල්ල ගන්න. වැඩි ගානක් වෙන් නෑ.අපිට clip කරගන්න උපකරන නැති නිසා මන් ගැන කියන් නෑ)
- මුලින්ම අපේ crossover cable එල PC 2ටම Plug කරගන්න ඕනෙ. (Network ports හරහා)
- දැන් තියෙන්නෙ PC 2ම Settings හදන එක.
- මුලින්ම Control Panel >> Network and Sharing Center >> වම් පැත්තෙ Change Advance Sharing Settings >> යන්න.
- දැන් පහල රූප වල ආකාරයට Settings හදන්න.
- දැන් ගොඩක් දුරට වැඩේ ඉවරයි. දැන් අපි මේක වැඩක් කරනවද බලන්න ඕනෙ. අපි ඒකට cmd හෙවත් command prompt එක use කරමු.
- මුලින්ම එක pc එකක Windows+R press කරල run window එක අරන් CMD කියල type කරල enter කරන්න.
- දැන් ඔයාලට CMD එක open වෙයි. දැන් ඔයාල ඒකෙ ipconfig කියල type කරල enter කරන්න. එවිට මේ වගේ code පෙලක් ලැබෙයි.
- මෙහි IPv4 Address. . . . . . . . . . . : ඉදිරියේ තිබෙන ip එක කෙරෙහි තමා අපි අවදානය යොමු කල යුතු. (මෙහිනම් 192.168.1.184 - ඔබේ මෙය වෙනස් විය හැක)
- දැන් එය එසේම තිබියදී හෝ එම IP එක සටහන් කරගෙන අනෙක් PC එකේ CMD එක open කර ගත යුතුයි. (Windows+R press කරල run window එක අරන් CMD කියල type කරල enter කරන්න.)
- එම PC එකේ අපි Type කරන්නෙ වෙන command එකක්. ඒ තමා ping command එක.
- cmd එකේ ping 192.168.1.184 ලෙස type කර enter කරන්න. (මතක ඇතුව 192.168.1.184 වෙනුවට ඔබේ අනික් pc එකේ ip එක ලබා දෙන්න)
- එවිට මේ වගේ අනෙක් pc එකෙන් ඔබට Reply එනවනම් ඔබේ Network එක සාර්ථකව වැඩ කරනව.
- මේ වගේ Time Out එකක් එනවනම් ඔයාලගෙ Network එක අසාර්ථක එකක්.
- සාර්ථකනම් ඔබට pc 2 මාරු කරල මේ වැඩේ කරල බලන්න පුලුවන්.
- දැන් අපි බලමු අපේ network එකෙන් File Share කරන ආකාරය. මූලිකව අපි සකස් කරපු settings වලින් අපිඅට public folder එක තමා අනෙක් pc එකෙන් Access කරන්න පුලුවන්. Folder path එක තමා මේ >> C:\Users\Public
- දැන් මන් දුන්න path එකට ගිහින් ඒකට file එකක් copy කරන්න. දැන් අනෙක් pc එකේ My Computer වල Network වලට යන්න වම් පස යටම ඇති. දැන් ඔබට එහි අනෙක් PC එක දැක ගන්න පුලුවන්. එය double click කරල open කරාම ඔයාලට අනෙක් pc එකේ public folder එක දැක ගන්න පුලුවන්.
- ඒ කියන්නෙ අපේ network එක සාර්ථකව ගහල ඉවරයි.
- මේක තමන්ට ඕනෙ ආකාරයට භාවිතා කරන එක ඔයාලගෙ වැඩක්. මන් public folder එක අරන් කරේ උදාහරණයක් දීපු එක විතරයි. මේකෙන් ඔයාලගෙ සම්පූර්ණ Partition එකක්ම උනත් share කරන්න පුලුවන්. තව අනෙක් පරිගනක සම්පූර්ණයෙන් ම වුනත් පාලනය කරන්න පුලුවන් (Remote Desktop හරහා) තව Multilayer Game උනත් සෙල්ලම් කරන්න පුලුවන්. ප්‍රශ්නයක් තියනවනම් comment එකක් දාන්න.
- සැ.යු : සමහර Firewall තියන Virus Guard වලින් මේකට ඉඩ දෙන් නෑ. හරි නොගියොත් Virus Guard එක Task Manager එකෙන්ම Disable කරල Try කරන්න.
කරුණාකර කතෘ අයිතිය සුරකින්න |
Copyright © 2014
IT දැනුම බෙදාගමු™
අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
niyamai Wedagath
ReplyDeleteEla ela
ReplyDelete