අද මන් කියල දෙන දේ මොකක්ද කියල උඩ මාතෘකාව දැක්කම තේරෙනවනේ. හරි ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයෙන් නැතිනම් ටැබ්ලට් එකෙන් සිංහල උපසිරැසි සමඟ Films හා TV Series බලන ක්‍රමයක් තමා අද මන් කියල දෙන්නෙ. මේක ගොඩක් අය දන්නව ඇති. ඒත් නොදන්න අයත් ඇති.
හොදයි අපිට මේ වැඩේට ඕනෙ කරන දේවල් තමා මේ.
02.MX Player එක
හරි මේ දෙක download කරගෙන දුරකථනයට දා ගෙන MX Player එක install කරගන්න. ඒ වගේම Font එක තියෙන්නෙ ZIP කරල නිසා එකත් unzip කරගන්න.
පසුව MX Player එක open කරගන්න. දැන් එහි Settings >> Subtitle >> Text යන window එකට යන්න. එවිට ඔබට මේ ආකාරයට තමා පේන්නෙ.
දැන් ඔයාලට උඩම තියන Font කියන තැන පේනව නේ. එතන click කර Select font folder යන්න. පසුව ඔයාලගෙ දුරකථනයෙන් අපි කලින් දාපු font එක හොයල දෙන්න.
හරි දැන් අපේ සැකසුම් කරල ඉවරයි. දැන් තියෙන්නෙ දුරකතනයෙන් සිංහල උපසිරැසි සමඟ Films බලන එක තමා. (සබ් ගොනුව සහ වීඩියෝ ගොනුව එකම ෆෝල්ඩර් එකේ සහ එකම නමින් තිබීම වැදගත් වෙනවා පරිගනකයේ භාවිතා වන ආකාරයටම)
මේ ක්‍රමේ 100% සාර්ථක ක්‍රමයක්. ගැටලුවක් ආවොත් comment එකක් දාන්න.
අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
0 comments:
Post a Comment