මෙන්න ඔබට IT දැනුම බෙදාගමු™ වෙතින් තවත් මහගු අවස්තාවක්. කවදත් අලුත් වැඩ වැඩ කරන අපි අද ඉදන් තවත් අලුත් වැඩක් පටන් ගන්න මේ වනවිට කටයුතු සූදානම් කරල තියනව.
මේකනම් පොඩි තරගයක්. හෝව් හෝව් බයවෙලා දුවන්න එපා. අමාරු නෑ. ඔයාල මේ Page එකට ආවෙ නොමිලේ Reload කියල තිබුන නිසානෙ. අපි බොරු කරන් නෑ. ඒ නිසා බයවෙන්න එපා. අපි Reload දෙනව හැබැයි නිකන් නෙවෙයි. හයියෝ නිකන් නෙවෙයිලු සල්ලි වලටත් නෙවෙයිලු. මේ මොන ............... ද? නේ...
හරි අපි බලමු දැන් මේ අලුත් වැඩේ මොකක්ද කියල. තේරෙන විදිහට අපි කතා කරමුකො.
අපි කොහොමද නොමිලේ Reload දිනාගන්නෙ ?
නොමිලේ Reload දිනාගන්න ඔයාල තරග කරන්න ඕනෙ.
මොකක්ද තරගය?
තරගය වෙන්නෙ මෙහෙමයි. ඔයාල අපේ බ්ලොග් එකට පෝස්ට් එකක් ඉදිරිපත් කරන්න ඕනෙ. සතියේ වැඩිම දෙනා කියවූ පෝස්ට් එකට අපි නොමිලේ රුපියල් 50ක Reload දෙනව.
කවුද මේව තෝරන්නෙ?
අපි අසාදාරන වැඩ කරන සෙට් එකක් නෙවෙයි ඒ නිසා අපේ බ්ලොග් අඩවියේ සතියේ ජනප්‍රියම පෝස්ට් එක බලා ගන්න පුලුවන් ඔයාලට ඕනෙ වෙලාවක. පෝස්ට් වල Preview අනුව වැඩිම දෙනා කියවන පෝස්ට් එක list එකේ Automatically උඩට එයි.
කාටද ඉදිරිපත් වෙන්න පුලුවන්?
හොද පෝස්ට් එකක් ලියන්න පුලුවන් ඕනෙ කෙනෙකුට ඉදිරිපත් වෙන්න පුලුවන්. හැබැයි IT දැනුම බෙදාගමු™ Crew එකේ අයට මේකට සම්බන්ධ වෙන්න බෑ. (Crew එක මෙතනින් බලන්න පුලුවන්)
එතකොට සතියේ හොදම පෝස්ට් එක IT දැනුම බෙදාගමු™ Crew එකේ කෙනෙක්ගෙ එකක් උනොත්?
එතකොට එම Reload මුදලත් ඊලඟ සතියේ Reload ජයමල්ලට එකතු වෙනව. හරියට ලොතරැයි වල වගේ. අපි හිතමුකො සති ගානක් හොදම පෝස්ට් එක අපේ කෙනෙක්ගෙ එකෙක් වෙලා රු.1000ක් එකතු වෙලා තිබිල ඊලග සතියෙ ඔයාගෙ පෝස්ට් එක හොදම එක වුනා කියල කිසි ගැටලුවක් නෑ. අපි සම්පූර්ණ මුදලම ඔයාලට Reload කරනව.
මොන වගේ ලිපිද ඉදිරිපත් කරන්න පුලුවන්?
IT දැනුම බෙදාගමු™ කියන්නෙ තාක්ෂණික බ්ලොග් අඩවියක් නිසා ඒ හා සම්බන්ධයෙන් ඕනෑම දෙයක් ඉදිරිපත් කරන්න පුලුවන්. අපේ ලිපි කියවල අවබෝධයක් ගන්න පුලුවන්. සිංහල ලිපි වෙන්නත් ඕනෙ (සිංහල Unicade)
නීති රීති නැද්ද?
වැඩිය නෑ ඒත් තියනව. කාගෙවත් ලිපියක් copy කරන් මේ තරගෙට ඉදිරිපත් කරන්න බෑ. ඒක තමා වැදගත්ම නීතිය. අසබ්‍ය දේවල් කාටවත් අපහස වන දේවල් පෝස්ට් වල ලියන්නත් බෑ.
දැනට බ්ලොග් ලියන අයට ඉදිරිපත් වෙන්න බැයිද?
අනිවාර්යයෙන් පුලුවන්. ඔයාලගෙ ලිපියක් මේ තරගෙට ඉදිරිපත් කරන්න පුලුවන්.
දැන් කොහොමද අපි මේකට සම්බන්ධ වෙන්නෙ.
හරිම ලේසියි. ඔයාල හැමෝම Email භාවිතා කරනවනේ. ඔයාලගෙ පෝස්ට් එක Email එකකින් තමා එවන්න ඕනෙ. Email එකේ Subject එකට ලිපියේ මාතෘකාව අනිවාර්යයෙන් යෙදිය යුතුයි. ඒ වගේම සාමාන්‍ය ප්‍රමාණයේ Image එකක් පලමුව ඉහලින් යෙදිය යුතුයි. මොකද බ්ලොග් අඩවියේ home එකේදි Thumbnail Image භාවිතා වෙනව දැකල ඇතිනෙ. ගොඩක් ලොකු image යොදාගන්නත් එපා. අනිවාර්යයෙන් පෝස්ට් එක අවසානයේ ඔයාලගෙ නම හා කුඩා විස්තරයක් යොදන්නත් අමතක කරන්න එපා. පෝස්ට් එකක් එවල පැය කීපයක් ඇ ලත අපි එය Publish කරන්න සූදානමින් ඉන්නව.
කොයි අපි පෝස්ට් එවන්න ඕනෙ Email ලිපිනය?
මේකට තමා ඔයාල ලිපි එවන්න ඕනෙ >> itdanumabedagamu.offer@blogger.com
copy කරල ගන්න නැත්තම් වැරදෙයි.
ඉතින් අපි කොහොමද අපේ පෝස්ට් එක කියවන්න කස්ටිය ගෙන්න ගන්නෙ?
ඔයාල පුලුවන් ඕනෙ විදිහකට ඔයාලගෙ පෝස්ට් ප්‍රචාරණය කරන්න පුලුවන්. (Facebook, Google+, Tweeter, etc) හොද ලිපියක්නම් අනිවාර්යයෙන් කියවන අය ඉන්නව ඕනෙ තරම්.
ඉතින් මේ කහනවටද නොමිලේ Reload දෙන්න?
ඇත්තටම ඕහොමත් අහන අය ඉන්නවනෙ. අහන්න කලින් උත්තරයක් දෙන්නම්. සිංහල බ්ලොග් කලාව දියුනු කිරීම අපේ යුතුකමක්. අද අපේ අඩවියට පෝස්ට් එකක් ලියන කෙනෙක් හෙට තමන්ගෙම කියල බ්ලොග් අඩවියක ලිපි ලියයි. ඒක අනිවාර්යයෙන් වෙනව. IT දැනුම බෙදාගමු™ අපි ඒ අයට ඕනෙ උදව්වක් කරනව. ඒකයි සිංහල බ්ලොග් පාඩම් මාලාවකුත් අපි කරගෙන යන්නෙ. ඒත් එක්කම IT දැනුම බෙදාගමු™ වලටත් මේක හොද අවස්ථාවක් වෙයි. ඒකයි අපි මේ වෙනුවෙන් පොඩි තෑග්ගක් දෙන්නෙ. තෑගි වලට නැතත් මේක ඔයාලට හොද තරගයක් වෙයි කියල හිතනව.
Lakshan Fernando සොහොයුරා. අපේ මේ අඩවියටත් Domain දායකත්වය ලබා දුන්නෙ මොහු.
0 comments:
Post a Comment