WHAT'S NEW?
Loading...

Windows 10 හඳුන්වා දීමේ උළෙලේ පෙරළිකාර නිර්මාණ මෙන්න

මයික්‍රොසොෆ්ට් සමාගමේ අලුත්ම මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දීමේ උත්සවයක් පසුගිය දා පැවැත්වුනා. මීට පෙර මයික්‍රොසොෆ්ට් හි ප්‍රධාන විධායක නිළධාරීවරයා වූ Steve Ballmer ගෙන් පසුව පත්වූ නව ප්‍රධාන විධායක නිළධාරීවරයා වන Satya Nadella ගේයටතේ මයික්‍රො‍සොෆ්ට් සමාගමේ සහ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ අනාගතය පිළිබඳව බොහෝ දේ දැනගන්නට ලැබුනා.
SEE ALSO: ලොව අංක එකේ ධනවතා වන Windows නිර්මාතෘ බිල් ගේට්ස් ගේ රහස් !
සාමාන්‍යයෙන් වින්ඩෝස් හඳුන්වා දීමේ උළෙල, Google හෝ Apple උළෙල තරම් මාධ්‍ය අවධානයට ලක් වන්නේ නැහැ. නමුත් මේ උළෙල බොහෝ දෙනාගේ අවධානයට ලක් වූයේ පෙරළිකාර නව මෙහෙයුම් පද්ධතිය වන Windows 10 හා මයික්‍රොසොෆ්ට් සමාගම උළෙලේ දී හඳුන්වා දුන් පෙරළිකාර නිෂ්පාදන හා සේවාවන් නිසයි. පහතින් දැක්වෙන්නේ ඒ අතරින් කිහිපයක්.

HoloLens

HoloLens උපැස් යුවල
HoloLens උපැස් යුවල
Holographic කියන්නේ තාත්වික ලෝකය මතට අතාත්වික (Virtual) වස්තූන් ප්‍රක්ෂේපණය කරන ආකාරයක් කියලා හඳුන්වන්න පුළුවන්. සිනමා පට වලදී නම් ඔබ මේ වගේ දේවල් දැකලා ඇති. ඉතින් මේ වගේ Virtual දේවල් මවා පෙන්වන්නටත්, ඒවා සමඟ ඔබේ අංග හරහා අන්තර් ක්‍රියා කරන්නටත් හැකියාව ඇති අපූරු උපැස් යුවල් හඳුන්වා දෙන්නට මයික්‍රොසොෆ්ට් සමාගමට හැකියාව ලැබුනා. Google සමාගමේ Google Glassට වඩා දියුණු ආකාරයකට අවට පරිසරයේ ඇති දේවල් පිළිබඳව සංවේදක හරහා අවබෝධයක් ලබාගැනීමටත් ඒවා මතට හෝ ඒවා සමඟ අන්තර්ක්‍රියා කළ හැකි ආකරයකට Virtual දේවල් මවා පෙන්වීමට මේ HoloLens උපැස් යුවල සමත්.
ඒ වගේම HoloStudio නමින් හඳුන්වා දෙන මෘදුකාංගයක් හරහා Virtual Objects තැනීමටත්, ඒවා විවිධ වෙනස්කම් වලට ලක්කිරීමටත් ඔබට හැකියාව ලැබෙනවා. ඒ වගේම HoloLens හඳුන්වා දීමේ උළෙලේදී මයික්‍රොසොෆ්ට් සමාගමේ  නියෝජිතවරියක් HoloLens හා HoloStudio යොදාගනිමින් සිදුකළ අපූරු නිරූපනය බොහෝ දෙනාගේ සිත්ගත් අංගයක් වුනා. කෙසේ නමුත් HoloLens හි මිල හෝ වෙළඳපලට නිකුත් වන දිනයක් පිළිබඳව කිසිදු අදහසක් දැනට පළ කර නැහැ. අවසානයේ වින්ඩොස් 10 හඳුන්වා දීමට පැවැත්වූ උත්සවයේ විශිෂ්ඨතම හඳුන්වා දීම බවට පත් වුනේ HoloLens බව කවුරුත් පිළිගන්නා දෙයක්.

Windows 10 නොමිලයේ

SONY DSC
සමාගම තමන්ගේ අලුත්ම මෙහෙයුම් පද්ධතිය පැරණි මෙහෙයුම් පද්ධති භාවිත කරන අයට හැකි තරම් අඩු මිලකට ලබා දීමට සූදානම් වන බවක් පෙනී ගියා. ඒ අනුව Windows 10 නිකුත් කිරීමෙන් පසුව පළමු වසර තුලදී දැනට වින්ඩෝස් 7, වින්ඩෝස් 8.1 හා Windows Phone 8.1 මෙහෙයුම් පද්ධති භාවිත බව උපකරණ සඳහා නොමිලේ ලබා දෙනු ඇත.
කෙසේ වෙතත් තවමත් මොන ආකාරයකට මේ නොමිලයේ ලබාදෙන වැඩසටහන ක්‍රියාත්මක වනු ඇත්දැයි පැහැදිලි නැති වුවත්, විශේෂයෙන්ම වින්ඩෝස් 7 ධාවනය වන පැරණි පරිගණක සඳහා යම් විදියක දෘඩාංග පිළිබඳව සීමා ඇති විය හැකි බවයි අපගේ මතය. වැඩි තොරතුරු සඳහාපිවිසෙන්න.

වඩා දියුණු වූ සහායිකාව – Cortana

නව Cortana හඳුන්වා දෙමින්
නව Cortana හඳුන්වා දෙමින්
Cortana (කෝටානා) ඔබට මතක ඇති නේද? iOS හි Siri වගේ Android හි Google Now වගේ ඔබේ වින්ඩෝස් ජංගම දුරකථනයේ සහායිකාව වුනේ Cortana යි. මේ නව වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියත් සමඟ කෝටානාත් අලුත් වෙලා. ඒ වගේම මෙතෙක් කලක් ජංගම දුරකථනයට (Windows Phone) පමණක් සීමා වූ ඇය දැන් Windows 10 මෙහෙයම් පද්ධතිය සමඟ ඔබේ පරිගණකයටත් ඇවිත්.
ඒ වගේම ඇයගේ හැකියාවත් විශාල වශයෙන් දියුණු කිරීමටත් බුද්ධිමත්ව සිතා පිළිතුරු දීමටත් හැකියාව ඇයට ලැබිලා. ඔබ කටහඬින් කරන පුංචි විධානයන් හරහා ඔබේ OneDrive හි දත්ත පිරික්සා අවශ්‍ය තොරතරු ක්ෂණිකව ලබාදීමටත් ඇයට හැකියාව තිබෙනවා. ඒ වගේම ඇය දැන් පෙරටත් වඩා ඔබේ පුද්ගලික තොරතුරු වලට අනුකූලව තොරතුරු සපයන නිසා වඩාත් සමීප බවක් දෙනෙනු ඇති බවයි මයික්‍රොසොෆ්ට් සමාගම ප්‍රකාශ කරන්නේ.

නවතම වෙබ් බ්‍රව්සරය – Spartan

Spartan වෙබ් බ්‍රවුසරය හඳුන්වා දෙමින්
Spartan වෙබ් බ්‍රවුසරය හඳුන්වා දෙමින්
Internet Explorer එහෙමත් නැත්නම් වින්ඩෝස් හි වෙබ් බ්‍රවුසරය භාවිත කරන පිරිස සීග්‍රයෙන් අඩුවී ගියේ පසුගිය කාලයේ දී Google Chrome හා Firefox වෙබ් බ්‍රව්සර වල ආගමනයත් සමඟයි. ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර් තවමත් ප්‍රචලිතම වෙබ් බ්‍රව්සරය ලෙස සමහරක් වාර්ථා තවමත් පෙන්වූවත් වැඩි වශයෙන්ම භාවිත කරන බ්‍රවුසරය ලෙස Chrome ප්‍රචලිත වීමත් සමඟ IE කෙමෙන් භාවිතයෙන් ඉවත් වුනා. දැන් නම් IE භාවිත කරන්නේ බොහෝ දෙනෙක් වෙනත් බ්‍රවුසරයක් download කරගන්න පමණක් වන තරමට භාවිතය අවම වෙලා.
ඉතින් මේ පරාජයට පත්වූ බ්‍රවුසරය වෙනුවට අලුත් බ්‍රවුසරයක් ගෙන එන්නට මයික්‍රො සොෆ්ට් සමාගම තීරණය කරලා. එය හැඳින්වෙන්නේ Project Spartan නමින්. වින්ඩෝස් 10 නව මෙහෙයුම් පද්ධතියත් සමඟ නිකුත් වන නව බ්‍රව්සරයේ අලුතින් rendering engine එකක් සහිත නිසා වඩා වේගවත් හා වඩා නිවැරදිව වෙබ් අඩවි පෙන්වීමේ හැකියාව Spartan හට ඇති බව මයික්‍රොසොෆ්ට් පවසනවා. ඒ වගේම Cortana සමඟ ඒකාබද්ධව ක්‍රියාකරමින් ක්‍රියා කළ හැකි මෙන්ම ජංගම දුරකථන සඳහාත් පහසුවෙන් ක්‍රියාකළ හැකියි.
මීට අමතරව තවත් බොහෝමයක් features මෙහි අන්තර්ගත වන අතර පෙනුම සරල නිසා සහ භාවිතයට පහසු නිසා බ්‍රවුසර යුද්ධයට වඩා හොඳ තරඟකාරයෙක් ලෙස ඉදිරිපත් වීමට Spartan ට හැකි වේවි යැයි සිතමු.

Windows 10 මෙහෙයුම් පද්ධතිය එළිදැක්වීමේ උළෙලේ විශේෂ අවස්ථා දැක්වෙන මිනිත්තු 8ක වීඩියෝව



උපුටා ගැනීම www.techguru.lk

0 comments:

Post a Comment