WHAT'S NEW?
Loading...

බ්ලොග් එකට Facebook Like Box එකක් දාමුද?

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiLtg74cpPb7kaSzEW8m38gZRuQODrEV8xcP3wS9ZPBy44TTzjjanqHkqakC59PkkIjzUaza3svYvkGNf_gprJo9xb9I1yOn7sHyfqDQ-clLwBM5UXA9lyBdvz539rWunlZzVDWhdc-IHBs/s1600/fb-like-box-simple.png

ඔබේ බ්ලොග් අඩවියට හෝ වෙබ් අඩවියට Facebook Like Box එකක් දාගන්න හැටියි අද මන් කියල දෙන්නෙ. ගොඩක් අයනම් මේව දන්නව ඇති. ඒත් නොදන්න අයත් ඉන්නවනෙ. ඒ අයටයි මේ පෝස්ට් එක. 

ඉතින් යාලුවනේ මුලින්ම ඔයාල මේ link එකට යන්න. ඊට පස්සෙ Facebook Page URL කියන තැනට ඔයාලගෙ Facebook Pageඒකේ URL එක ලබා දෙන්න. Width, Height (දිග, පළල) කැමතිනම් විතරක් වෙනස් කර ගන්න. ඉන් පසු Show Friends' Faces ඉදිරියේ ඇති ටික් එක දාන්න. Show Header, Show Posts, Show Border යන ඒවා ඔයාලගෙ කැමැත්ත පරිදි යොදා ගන්න. ඉන් පසු පහල තියෙන Get Code යන්න Click කරන්න එවිට අළුත් Window එකක් open වෙනව.

එහි ඉහලින් ඇති HTML5 යන්න නිතැතින්ම Select වී තිබෙන. එහෙම නැතිනම් එය Select කරන්න. එවිට කොටස් දෙකකින් යුක්තව code දිස්වෙනව. දැන් එය එසේම තිබියදී ඔයාලගෙ බ්ලොග් එකේ dashboard එකෙන් layout යන්නට ගොස් නව HTML/JavaScript Gadget එකක් ගන්න.

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEichFT2hyphenhyphenVWjRw0Cj6k1bIhKxRMRdLp-1ZS0nSzx_9sAHJ6qRbkEIEX5d_R5GWnnmJCsGhc9hjVyl0F9j8C2FDbKv9a0NxkPuWaD_ztE3Osbw6CahTCHuOEtCIopoYQ8s0BGm_PV9x6qTQ6/s400/Blog-Tips-Statistics-Widget-Blogger2.jpg

පසුව කලින් ඔබට ලබා දුන් code වලින් පලමුව ඉහලින් ඇති code එක double click කර copy කර ගෙන HTML/JavaScript Gadgetඑකට paste කරන්න. පසුව දෙවෙනියට ඇති code එකටද එසේම කරන්න. මතක ඇතිව කලින් paste කල code වලට යටින් එය paste කරන්න. දැන් එය save කරන්න. ඔබගේ බ්ලොග් අඩවියෙත් පහත ඇති අපගේ Facebook Like Box මෙන් Facebook Like Box එකක් දිස් වනු ඇත.

අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

1 comment: Leave Your Comments