WHAT'S NEW?
Loading...

Google Maps වෙබ් අඩවියකට හෝ බ්ලොග් අඩවියකට ඇතුලත් කර ගන්නේ කෙසේද?

 http://www.ssdtutorials.com/resources/content/images/tutorials/embed-google-maps/google-map.jpg
හොදයි යාලුවනේ අපි අද බලමු Google Maps වෙබ් අඩවියකට හෝ බ්ලොග් අඩවියකට ඇතුලත් කර ගන්නේ කෙසේද කියල. මේක කියල දෙන්න කිවුවෙත් අපේ බ්ලොග් එක කියවන කෙනෙක්මයි. ඉතින් ඔන්න අපි එයාගෙ යෝජනාව ඉටු කරනව.

ඉතින් අපේ  ලක්ෂාන්  සහෝදරය ඔයාලට කියල දුන්නනෙ අපේ place එකක් ගුගල් මැප් එකට ඇතුල් කරන ආකාරය. ඉතින් මන් දැන් කියල දෙන්නෙ ඒ හදා ගත් Map එකක් වෙබ් අඩවියකට හෝ බ්ලොග් අඩවියකට ඇතුලත් කරන විදිහයි.ඔයාල දැකල ඇති මේ වගේ maps වෙබ් අඩවිවල  හෝ බ්ලොග් අඩවිවල තියන්ව.

ඉතින් මුලින්ම ඔයාල මේ Link එකට යන්න. https://maps.google.lk/maps

ඊට පස්සෙ ඔයාල හදා ගත්තු map එකට ගිහින් හෝ ඔයාලට ඕනෙ තැන Search Bar එකේ Type කරගන්න. පසුව මහත මන් දක්වා ඇති Link යන්න click කරන්න.

එවිට රූපයේ පරිදි පොඩි window එකක් පෙනේවි. ඉහි "Paste HTML to embed in website"යන්නෙහි ඇති code එක යොදාගෙන ඔබගේ Google Maps වෙබ් අඩවියකට හෝ බ්ලොග් අඩවියකට ඇතුලත් කර ගත හැකිය. නැතහොත් එහි "Customize and preview embedded map" යන්නෙන් ගොස් ඔබට තවත් වෙනස් කම් සිදු කර ගත් හැකියි.

පහත දැක්වෙන්නේ එසේ කරගත් Google Map එකකි. මෙය ඔබට ප්‍රයෝජනවත් වූවානම් comment කරන්න අමතක කරන්න එපා.

View Larger Map
අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

1 comment: Leave Your Comments