WHAT'S NEW?
Loading...

C# සිංහල පාඩම් මාලාව ( 3 කොටස )


හොදයි අද අපි C# තෙවන පාඩම සමගයි මේ සම්බන්ධ වෙන්නෙ. ඉතින් පසුගිය පාඩම් වල අපි කරේ මූලික දේවල් හදුන්වන එක තමා. ඒත් ඒව ගොඩක් වැදගත් දේවල්. ඉතින් අදත් මන් මේ පාඩමෙන් කියල දෙන්නෙ ගොඩක්ම වැදගත් දේවල් කීපයක් ගැනයි. මන් මේ පාඩම් මාලාවෙන් බලාපොරොත්තු වන්නෙ C# කිසිවක් නොදත් අයෙකුට උවත් එය තේරුම් කර හොද C# Programmer  කෙනෙක් කිරීමටයි.


Identifiers

ඉතින් අපි මුලින්ම බලමු මේ C# වල තියනව Identifiers කියල දෙයක්, ඒ මොනවද කියල. හොදයි Identifiers කියන්නෙ කිසියම් නමක්. ඒ කියන්නෙ මෙම C# Programming Language තුල භාවිතා වෙනව namespaces, classes, methods, variable ආදී දේවල්. බයවෙන්න එපා ඒව ගැනත් අපි කතා කරමු. ඉතින් මේ වාග දේවල් වලට යොදන නම් වලට තමා අපි Identifiers කියන්නෙ. ඒව අපිට ඕනෙ ආකාරයකට යොදාගන්න පුලුවන්. නමුත් කොන්දේසි 2ක් තියනව.

  1. පළවෙන් කොන්දේසිය තමා මෙම Identifier එකක තියෙන්න පුළුවන් Letters, Digits හා Underscore  Characters පමණයි.
  2. දෙවැනි කොන්දේසිය තමා මෙම Identifier එකක් ආරම්භ විය යුත්තේ Letter එක්කිනි. ඒ වගේම space  තියෙන්නත් බෑ.

අපි බලමු නිවැරදි Identifier වලට උදාහරණ කීපයක්,
result, Score, footballTeam, Football_Team, Plan9

ඒ වගේම බලමු වැරදි Identifier කීපයකුත්. කිසිවිටෙකත් අපි  මේ වගේ Identifier යොදා නොගත යුතුය.
result%, Football team, %footballTeam, 9Plane


මම පලවෙනි පාඩමේදිත් මතක් කළ තව වැදගත්ම දෙයක් තමා මෙම Programming Language එක Case sensitive Language එකක්. එනම් මෙම භාෂාව තුල Capital Letters හා Simple Letters වලින් යෙදෙන එකම වචනයක් වුවත් එම වචන දෙක එක වචනයක් සේ නොසලකයි.   එනම් Apple, APPLE, aPPle යන වචන 3ම ඇපල් උවත් මෙහිදී එය වචන 3ක් සේ සලකයි.  


Keywords

හොදයි දැන් අපි බලමු Keywords කියන්නෙ මොනවටද කියල. Keywords කියන්නෙ පෙර සකස් කරන ලද Identifiers විශේෂයකටයි. ඒවා අපිට හිතුමතේ භාවිතා කළ නොහැකිය. C# Programming Language තුල මෙවැනි Keywords 77ක් පවතිනව. මෙම එක එක Keywords වලින් විශේෂ කාර්යන් තමා සිදුවන්නෙ. භාවිතා වන අවස්තා වලදී මන් ඒව පහැදිලි කරන්නම්. පලමුව මෙම Keywords ඔබ දැන ගත යුතුය. මොකද ඔබ Identifiers සකස් කිරීමේදී ඔබට මෙම Keywords වල නම් යෙදිය නොහැකිය. අපි බලමු මේ Keywords මොනවද කියල.

1.    abstract 
2.    do  
3.    in  
4.    protected 
5.    true
6.    as 
7.    double  
8.    int  
9.    public  
10.    try
11.    base  
12.    else  
13.    interface 
14.    readonly 
15.    typeof
16.    bool  
17.    enum  
18.    internal 
19.    ref  
20.    uint
21.    break  
22.    event  
23.    is  
24.    return  
25.    ulong
26.    byte  
27.    explicit  
28.    lock  
29.    sbyte  
30.    unchecked
31.    case  
32.    extern  
33.    long  
34.    sealed  
35.    unsafe
36.    catch  
37.    false 
38.    namespace 
39.    short  
40.    ushort
41.    char 
42.    finally  
43.    new  
44.    sizeof  
45.    using
46.    checked 
47.    fixed  
48.    null  
49.    stackalloc 
50.    virtual
51.    class  
52.    float  
53.    object  
54.    static  
55.    void
56.    const 
57.    for  
58.    operator 
59.    string  
60.    volatile
61.    continue 
62.    foreach  
63.    out  
64.    struct  
65.    while
66.    decimal 
67.    goto  
68.    override
69.    switch
70.    default  
71.    if  
72.    params  
73.    this
74.    delegate 
75.    implicit 
76.    private  
77.    throw

අපි මෙම Coding  සදහා බාවිතා කරන Microsoft Visual Studio තුල මෙම Keywords නිල් පැහැයෙන් දිස්වෙනව. එවිට හදුනා ගැනීම පහසුයි.


හොදයි එහෙනම් අපි ඊලග පාඩමින් බලමු Variables ගැන. ඊලග පාඩමේ ඉදන්නම් ඔයාලට කම්මැලි නැතිවෙයි. මොකද අපි coding  කරන්න පටන් ගන්න නිසා. එහෙනම් ඊලග පාඩමට ලෑස්ති වෙලා ඉන්න.
 
මම හර්ෂ සමරනායක
කරුණාකර කතෘ අයිතිය සුරකින්න.


අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

1 comment: Leave Your Comments

  1. If you are interested in making money from your websites/blogs via popunder ads, you should use one of the highest paying networks: PopCash.

    ReplyDelete