ඇපල් සමාගම විසින් මේ දක්වා නිකුත් කරන ලද සිහින්ම ස්මාර්ට්ෆෝන් උපාංගය වන අයිෆෝන් 6 දුරකථනය සෙ.මී. 0.76කටත් වඩා සිහින්වේ. දුරකථනය නැවි යාම පිලිබඳ දෝෂ එතරම් වාර්තා නොවුවත් අන්තර්ජාලයේ ඇතැම් පිරිස් මෙම දෝෂය ඉතා ලොකු දෝෂයක් බවට පෙන්වීමට සිදුකරන උත්සාහයන් හේතුවෙන් ඇපල් ලෝලීන් බොහොමයක් මේවනවිටත් දුරකථනය මිලදී ගන්නේද නැද්ද සම්බන්ධව ගැටලුවකට මුහුණපා තිබේ.
2010 වසරේ නිකුත් කරන ලද අයිෆෝන් 4 වර්ගයේ දුරකතනයේද දුරකථන සම්බන්ධතාව සම්බන්ධයෙන් (#antennagate) දෝෂයක් පැවතුන අතර එය අනවශ්‍යය පරිදි ප්‍රචාරය වන විට අසත්‍යය ප්‍රචාර වැලැක්වීම උදෙසා එකල ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ස්ටීව් ජොබ්ස් විසින් සමාගම වෙනුවෙන් නිවේදනයක් සිදුකරන ලදී. මෙවරද ඇපල් ලෝලීන් වත්මන් ප්‍රධාන විධායක නිලධාරි ටීම් කුක් ගෙන් එවන් මැදිහත්වීමක් බලාපොරොත්තුවෙන් සිටී.
ඇපල් දුරකතනයේ නැවි යාම ප්‍රචලිතව ඇත්තේ #bendgate නම් හෑෂ් ටැග් එකෙන් වන අතර ඒ ඔස්සේ ලොව ප්‍රකට දුරකථන නිෂ්පාදන සමාගම් ඇපල් සමාගමේ දෝෂය හාස්‍යයට ලක්කොට තිබුනේ පහත පරිද්දෙනි.
අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
eka nam aththa thama.....math dakka.........
ReplyDelete