හොඳයි යාලුවනේ ඔන්න අද මන් සිංහල බ්ලොග් පාඩම් මාලාවේ පස්වන කොටසත් අරගෙන ආව. මේ පාඩම් මාලාව ගොඩක් අය කියවන නිසා මන් දිගටම බ්ලොග් කරණය පිළිබඳව සියලුම දේවල් ඔයාලට කියල දෙන්න සිතුව. මේ සතියනම් ගොඩක් කාර්යබහුල උනා. මේ පාඩමේ ඉදන් ගොඩක් දුරට සතියකට වතාවක් තමා මට පාඩම ගෙන එන්න වෙන්නෙ. නමුත් වෙලාවක් ලැනුනොත් ඊට කලින් අනිවාර්යයෙන් මන් අනික් කොටස් දෙනව.
හොදයි දැන් අපි යමු පාඩමට. ගියවර කොටසින් අපි බ්ලොග් පෝස්ට් වල Image හා Video යෙදීම පිළිබදව සම්පූර්ණයෙන් ම කතා කලා. ගියවර මන් කිවුව ආකාරයටම අද අපි කතා කරමු බ්ලොග් පෝස්ට් එකක් ලියන කොට දකුණු පසින් තියන Post Settings panel එක ගැන.
ඔයාලත් දැන් දකින්න ඇති දැන් Post Settings panel එකකියන්නෙ මොකක්ද කියල. අපි දැන් මේ එකින් එක කතා කරමු.
මුලින්ම ඔයාලට පේන්නෙ Labels කියන Option එක. එය click කරාම ඔයාලට පේන්නෙ මෙන්න මේ ආකාරයට.
මුලින්ම මන් කියන්නම් මේකෙන් වෙන දේ ගැන. Labels කියන්නෙ ඔයාලගෙ බ්ලොග් එකේ පෝස්ට් වෙන් වන Category කිව්වොත් නිවැරදියි. ඔයාල ලියන්නෙ තාක්ෂණික බ්ලොග් එකක්නම් එහි අනු කොටස් තියෙන්න පුලුවන්නෙ. අන්න ඒව බෙදන්නෙ මෙතනින්. උඩ තියන Text Area එකේ ඔයාලට මේ අනු කොටස් type කරල Enter කරන්න පුලුවන්. කලින් හදපු අනු කොටස් තමා යට නිල් පැහැ අකුරු වලින් දිස්වන්නෙ. ඔයාලගෙ පෝස්ට් එකකට කලින් හදපු label එකක් යොදන්න ඕනෙනම් මේ නිල් පැහැ වචන වලින් ඒක තෝරල click කරාම Add කරගන්න පුලුවන්. ඒ වගේම කියන්න ඕනෙ එක පෝස්ට් එකකට label එකකට වඩා යොදන්න පුලුවන්. ඒව වෙන් කරන්න ඕනෙ Comma වලින්.
උදාහරණයක් ලෙස ගත් විට මන් බ්ලොග් පෝස්ට් එකක් ලියනව Software එකක් ගැන. එවිට මට යොදාගන්න පුලුවන් "Software" කියන Label එක. නමුත් මට තව Label එකක් හෙවත් කාණ්ඩයකට මේ පෝස්ට් එක ඇතුලත් කරගන්න ඕනෙ කියල හිතමුකො. එවිට මේ ආකාරයට මට එය යොදා ගන්න පුලුවන්.
Label එකක් යොදල පහල Done Button එක Click කරාම එය නිවැරදිව ඔයාලට පෝස්ට් එකකට Add කරගන්න පුළුවන්.
ඔයාල Dashboard එකේ All Post වලදින් ඔයාලට පහත ආකාරයට මේ label බලා ගන්න පුළුවන්. බයවෙන්න එපා අපි Dashboard එකේ සියලු දේ ඉදිරියෙදි කතා කරමු එතකන් මේක හිතට ගන්නකෝ.
ඊලඟට ඔයාලට දැක ගන්න පුලුවන් Schedule කියන Option එක. මෙයින් වෙන්නෙ ඔයාල ලියන පෝස්ට් එකක් ඔයාලට අවශ්‍ය වේලාවට Publish කිරීමයි. ඒ කියන්නෙ මන් අද පෝස්ට් එකක් ලියල මට ඒක හෙට ඔයාලට කියවන්න බ්ලොග් එකේ Publish කරන්න ඕනෙනම් එය මේ Option එකෙන් පහසුවෙන්ම කරගන්න පුළුවන්.
අපි සාමාන්‍යයෙන් පෝස්ට් එකක් ලියන කොට තේරී ඇත්තේ මෙහි Automatic කියන Option එක. නමුත් ඔයාලට පෝස්ට් එකක් Schedule කරන්න ඕනෙනම් Set date and time කියන Option එකට Tick එක දාල Calender එකෙන් පෝස්ට් එක Publish වෙන්න ඕනෙ දිනේ තෝරල උඩ Time එකෙන් වෙලාවත් හදල Done Button එක press කරන්න විතරයි තියෙන්නෙ.
ඊළඟට තියෙන්නෙ Links කියන Option එක. මෙයින් අපිට පුලුවන් පෝස්ට් වල Direct Link අපිට ඕනෙ ආකාරයට වෙනස් කරන්න. එහෙත් එය එතරම් වැදගත් Option එකක් නෙවෙයි. අවශ්‍ය අවස්ථාවක් ආවොත් මෙයින් Direct Link අපිට ඕනෙ ආකාරයට වෙනස් කරන්න පුලුවන් කියල විතරක් මතක තියා ගන්න.
ඊලඟට තියෙන්නෙ Location කියන Option එක. මෙයින් පුලුවන් අපිට පෝස්ට් එක ලියන Location එක ලබා දෙන්න. මෙයත් එතරම් වැදගත් නෑ.
ඊට පසුව තියෙන Option එකනම් වැදගත්. Search Description කියන්නෙ Google වගේ Search Engine වලදි ඔයාල දැකල ඇති Search කරාම අපි link වලට යටින් පොඩි විස්තරයක්. අන්න එයට එන්න ඕනෙ Description එක අපිට මෙහි ලබා දෙන්න පුලුවන්. මෙහි වැදගත් Key word කියන දේ. ඒව අදාල SEO වලට නිසා මන් මෙතනදි වැඩිය විස්තර කරන් නෑ. මෙය හිස්ව තබා පෝස්ට් එක publish කරත් කිසි ගැටලුවක් නෑ.
ඊලගට තියෙන්නෙ Options කියන එක. එය click කරාම දිස්වන්නෙ මෙන්න මේ ආකාරයට.
මෙහි අපිට දැනට වැදගත් වන්නෙ Reader comments කියන Option විතරයි. බ්ලොග් පෝස්ට් එකකට වෙනත් අයෙකුට comment දාන්න පුලුවන් කියල ඔයාල දන්නවනේ. ඉතින් මෙයින් පුලුවන් අපි ලියන පෝස්ට් එකක comment දැමීම වලක්වන්න වගේම Hide කරන්න. ඔබ Comment අවශ්‍ය නැති පෝස්ට් එකක් ලියනවනම් මෙයින් එම සැකසුම් පහසුවෙන් සිදු කරගන්න පුලුවන්.
හොදයි අපි අද පාඩමෙන් බ්ලොග් පෝස්ට් එකක් ලියන කොට දකුණු පසින් තියන Post Settings panel එක ගැන සම්පූර්ණයෙන් කතා කලානෙ. අපි ඊලඟ පාඩමේ ඉදන් Dashboard එකේ එක් එක් අංග පිළිබඳව කතා කරන්න පටන් ගනිමු. ඕනෙම නොතේරන දෙයක් පිළිබඳව මගෙන් අහන්න මන් ලග කිසිම ගුරු මුශ්ඨියක් නෑ.
සිංහල බ්ලොග් කරනය මුල සිට අගට සියලු පාඩම් මෙතනින් කියවන්න
මම හර්ෂ චාමින්ද සමරනායක
IT දැනුම බෙදාගමු™ හි System Administrator
"මේ ඊලග පරම්පරාවේ සිංහල බ්ලොග් අඩවියයි"
Copyright © 2012 - 2014 IT දැනුම බෙදාගමු™
Copyright © 2012 - 2014 IT දැනුම බෙදාගමු™
අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
ela
ReplyDelete